ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසම වෙත දීර්ඝ ලිපියක් යවා තිබේ.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ නඩු දෙකකට අදාළව යොමුකර ඇති මෙම දිර්ඝ ලිපියෙන් දැක්වෙන්නේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ගේ රාජකාරි ප්‍රතිරූපයට මෙන්ම පෞද්ගලික ප්‍රතිරූපයට හා ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රතිරූපයට ද බරපතළ හානි සිදුකර ඇති බැවින් එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නැයි ඉල්ලා සිටින බවයි.
විශේෂයෙන් තමන් පොලිස්පති තනතුර භාරගත් දිනයේ සිට මත්ද්‍රව්‍ය සහ සංවිධානත්මක අපරාධ මැඬලීම සඳහාත් දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නෛතික පියවර ගැනීම සඳහාත් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙන මේ වකවානුවේදී එම සුවිශේෂී කාර්යභාරය පිළිබඳ මහජන විශ්වාසය බිඳහෙළන අයුරින් මෙම මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇති බවට ද පොලිස්පතිවරයා සිට ලිපියෙන් චෝදනා කර ඇත.
ඇමති ආනන්ද විජේපාල මහතාට, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පිටපත් සහිතව යොමුකර ඇති අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.












