ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය යළිත් ඇමරිකානු ඩොලර් බිලියන 07 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුවේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
මෙය 2026 සැප්තැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,867ක් වූ සංචිත වත්කම් ප්‍රමාණයට වඩා 3.2%ක ඉහළ යාමකි.


