*
Monday, October 28, 2024
spot_img

Latest Posts

මාලිමාව සහ 2024 යුතෝපියානු ජනතා සුසමාදර්ශය

ජනවාරි 03 කොළඹ (LNW): ආර්ථිකයට පමණක් නොව දේශපාලනයටත් 2024 හිතන තරං ලේසි විය නො හැකි ය. නමුත් අමාරු නො වනු ඇත. හේතුව ලංකාවට එය ආවේණික ය. මොකද දිශාව ඇත්තේ දුෂ්කර පැත්තට වීම නිසා ය. මේ නිසා 2024 ආර්ථිකය කැරකෙන්නේ ආණ්ඩුවත් එක්ක ය. ආණ්ඩුව විසින් ගනු ලැබූ සහ ගැනීමට නියමිත ක්‍රියාමාර්ගයන් සමඟ දේශපාලනය තීර්ණාත්මක මගකට වෙනස් වීම සඳහා ඇති සාධකයන් තවමත් නිෂ්චය කිරීමට කල් වැඩි හෙයිනි. ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය නොසලකා කෙරෙන උපකල්පනයන්ට අනුව දේශපාලනයේ බල කඳවුර ශක්තිමත් වී තිබෙන්නේ විපක්ෂය පැත්තට ය. එයින් ප්‍රධාන බල කඳවුරු දෙකත් විදිහට සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් විශේෂිතයි. මේ දෙක අතර කෙරෙන සැසඳීමේ දීත්, තිබෙන අලුත් තත්ත්වය අනුවත් අධිනිශ්චය වෙමින් පවතින දේශපාලනයේ වැඩි වාසි ජාතික ජනබල වේගය පැත්තටයි කියන විශ්වාසය විය හැකි යථාර්ථයක් ද සහ එය එසේ වන්නේ නම් සිදු විය හැකි හා කළ යුතු යැයි සිතීමට කරන ලද නිරීක්ෂණයන් කිහිපයක් පිළිබඳව කෙරෙන පරීක්ෂාවක් මෙම ලිපිය මගින් සිදු කරනු ලැබේ.

මාලිමාව සතු විභවය යථාර්ථවාදී උපකල්පනයක් ලෙස සලකන්නේ නම්, ඒ තත්ත්වය නරක ප්‍රථිපලයක් කියා කියනවාට වඩා එය අලුත් තත්ත්වයක් යැයි කියා කිව හැකි වේ. නමුත් අලුත් තත්ත්වයක් වීමට නම් “අලුත් තත්වය” (New- Condition)යනු කුමක්ද යන්න අර්ථකතනය කර ගනු ලබන්නේ කෙසේ ද.

අලුත් තත්ත්වය

අලුත් තත්ත්වය යන්නට නිශ්චිත අර්ථකතනයකට පැමිණිය නො හැකි වුවත්, අලුත් යන්න පැවති සහ පවතින ස්වරූපයට වඩා වෙනස් තත්ත්වයක් ලෙස නම් කළහොත්, එය කුමන ආකාරයකින් හෝ පෙර පැවැති දෙයක් නො විය යුතු ය. අනෙක් අතට එය පරිවර්තනයක් යැයි කීම වුවත් මේ අර්ථය හා ගමන් කළ හැකි ය. නමුත් මාලිමාව විසින් බලය ලබා ගැනීම විප්ලවීය තත්ත්වයක් යැයි කීමට තරම් අලුත් විපර්යාසයක් අපේක්ෂා කළ නො හැකි ය. එයට බලපාන හේතූන් ජාතික ජන බලවේගයේ දේශපාලන දැක්මත්, දේශපාලන සංස්කෘතියත්, බලය ලබා ගැනීමෙන් පසු කෙරෙන ආර්ථික හා දේශපාලන චින්තනය විසින් යෝජනා කෙරෙන පාලන ස්වරූපයත් නිසා විප්ලවීය අවස්ථාවකට වඩා ප්‍රතිසංස්කරණමය වෙනසක් වෙත යොමු වීම යැයි කීම වඩාත් සුදුසු විය හැකි ය.

අසමපාතික අභිලාෂයන්

මේ අනුව “අලුත් තත්වය” යනු බලය ලබා දෙන ජනතාවට අනුව කුමක්ද සහ මාලිමාවේ දර්ශනයට අනුව කුමක් ද යන්න ගැන ඇත්තේ සමපාතික අපේක්ෂාවක් ද යන්න ද සිතිය යුතුයි. මේ දෙක අතර විශාල පරතරයක් ඇති බව නිරීක්ෂණය කළ හැකි වන්නේ, මාලිමාව වටා එක්වන නව පිරිස්වල අපේක්ෂාව වන්නේ තමන්ගේ අපේකෂාභංගත්වයේ හේතුන් නිසා ඇති වන විකල්ප තෝරාගැනීමක් ලෙසයි. යහපාලන පාලන කාලයත්, ගෝඨාභය පාලනයත් ඉන්පසුව ඇති වී තිබෙන තත්ත්වයන් විසින් ඇති කළ අපේක්ෂාභංගත්වයයි. විශේෂයෙන්ම ගෝඨාභය සමයේ දී ඇති වූ ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද ජීවත් වීමට ගෙන දුන් හා ඇති කරමින් පවතින දුෂ්කරතාවයයි. මෙම තත්ත්වය උත්සන්න වී ඉතා නරක තත්ත්වයට පත් වන්නේ රට බංකොලොත්වීමෙන් පසුව විඳින්නට වූ සකල විධ පීඩාවන් ය. මෙහි වගකීම රාජපක්ෂවරු අතට පත්ව ඇති බව පොදුවේ පිළිගනු ලැබීම මෙන්ම රාජපක්ෂවරුන් විසින් කරන ලද අයතා මූල්‍ය භාවිතය ඉන් ප්‍රධාන සාධකයක් ලෙසත් පිළිගන්නා කරුණකි. 2005 වර්ෂයේ සිට පාලනය කරන ලද රාජපක්ෂ පවුල් පාලනය සමාජ දේහයේ උප සංස්කෘතියක් බවට පත්ව හොරකම චංචාව සඳහා ඇති නෛතික බිය සහ සදාචාරය සාමාන්‍යකරණය වීම මෙම කාලය තුල ඉහළ මට්ටමට පැමිණෙන්නේ ඔවුන් වටා ඇති හොර සමාජ වළලු නිර්මාණය කර ගනිමිනි. මේ නිසා 2015 දී ජනතාව විසින් රාජපක්ෂව පරාජයට පත්කොට ඇති කරන ලද යහපාලන ආණ්ඩුවේ පොරොන්දු අතර හොරුන්ට දඩුවම් දීම ප්‍රධාන කාර්යයක් වුවත් එය කිසිදු අයුරකින් ඉටු නොවීමේ වාසිය නැවත රාජපක්ෂවරුන්ට අත්විය. ඔවුන් තවමත් දේශපාලනිකව බලයේ සිටින අතර ඔවුන් විසින් ඇති කළ සංස්කෘතිය වෙනස් වී නො මැත.

රාජපක්ෂ සංස්කෘතිය

ඒ අනුව ජාතික ජන බලවේගයට බලය ගන්න පුලුවන් වීම යනු “නව තත්ත්වයේ” පළමු කොටසින් අඩක් සිදු වීමට ඇති හැකියාව වැඩිය. එනම් රාජපක්ෂ සංස්කෘතිය අවසාන කර දැමීමට ඇති හැකියාව ඇත්තේ මාලිමාවට මිස සමගි ජන බලවේගයට නොවේ යැයි කියන අදහස බලවත්ය. සමගි ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු අතර මෙකී අදහස පැවැතිය ද, එයට ඇති ඉඩ ඉතා අවම වනු ඇත්තේ ලංකා දේශපාලන සංස්කෘතියේ මෙතෙක් පැවත පැමිණෙන ප්‍රභූ දේශපාලනයේම අත්‍යන්ත දිගුවක් ලෙස සමගි ජන බලවේගයත් ගමන් කිරීමය. ඔවුන් වටා ගොඩ නැගෙන සන්ධානයේ සංයුතිය අනුව, රාජපක්ෂවරුන්ට වෙට්ටු දැමීමටත් ඔවුන්ගේ දේශපාලනික පංති ආස්ථානයත් හේතුවෙන් රාජපක්ෂ සංස්කෘතියට සහ ඔවුන්ගේ දූෂණයන්ට නෛතිකවත් දේශපාලනිකවත් රහස් සහ හරස් අනුමැතියත් අනුග්‍රහයත් පවතින බැවිනි. මේ නිසා මාලිමාවට ජය අත්වීම යනු මෙතෙක් පැවැති ප්‍රභූ දේශපාලනයේ ඓතිහිසික පරාජයක් වීම අනිවාරයයක් වනු ඇත. මෙය නූතන ශ්‍රී ලංකාවේ සුසමාදර්ශී වෙනසකට ගමන් කිරීම සඳහා වන ආරම්භක ලකුණකි.

දූෂීත නිලධාරීවාදයේ අන්තර් පරායත්තතාවය

නමුත් මෙකී වෙනස “අලුත් තත්ත්වයක්” වුවද එය එක කොටසක කොටසක් පමණකි. මෙම කොටසේම සෙසු කොටස වන්නේ රාජපක්ෂ සංස්කෘතියටත් එහා ගිය රාජ්‍ය නිලධාරි තන්ත්‍රය තුල කාලන්තරයක් තිස්සේ පවතින දූෂණ වංචා සංස්කෘතිය පරාජය කිරීම ය. එය සිදු කිරීම ඒ තරමට පහසු කාර්යයක් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම සහ ලබා දීම යන්න එතරම් සරල වීමට නියමිත නැත.

එක නිදසුනකින් තේරුම් ගන්නේ නම්, එය මාලිමාව පැත්තේ සිටම තේරුම්ගත හැකි වේ. එය මේ විදිහට පැවසුවොත්, රාජ්‍ය සේවයේ නියැලෙන එසේම ඉහල නිලයන් දරන පිරිස අයත් වන්නේ විශ්ව විද්‍යල උපාධිධාරීන් කුලකයට ය. මේ පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස සැලකුවොත් සියයට පණහක් නොමැති වුවත් අවම වශයෙන් සියයට තිහක පමණ පිරිස, විශ්වවිද්‍යාල පද්ධතියේ ජවිපේ දේශපාලනය අනුමත කරන ලද එසේම යම් ප්‍රගතිශීලී යැයි සලකන ප්‍රවාහයේ කොටස් ය. නමුත් මේ පිරිස 70, 80, 90, 2000 දශකයන් තුල දී රාජ්‍ය සේවය තුල සිය සේවාව සැපයීමේ දී, සිය පරිපාලන හා සේවාව සිදු කිරීම පිළිබඳ හා ඔවුන්ගේ අවංක දායකත්වය “නව වෙනසක්” සඳහා යොදා ගත හැකි වේද යන්න ප්‍රශ්නාර්ථයකි. නිදසුන් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව රථවාහන. ආදායම් බදු, රේගුව, විදේශ සහ පාස් පෝට් වැනි ආයතනවල නියැලෙන පිරිස් අතර සිටින මෙකී නිලධාරීන් සෙසු නිලධාරීන්ගෙන් වෙනස් චර්යාවක් හා භාවිතාවක් පෙන්නුම් කර තිබේ ද යන්න, මේ පුද්ගලයන්ගේ ඉතිහාසයත් ඔවුන් ගෙවන ජීවන විලාසිතාවත් ඔවුන්ගේ වත්කම් පරීක්ෂාවක් කරනු ලැබුවොත් මෙය හඳුනාගත හැකි වනු ඇත. එසේම ඔවුන් බැඳී සිටින දූෂිත තත්ත්වය වෙනස් කිරීමට හෝ නීත්‍යානුකූල පියවර ගැනීමට මාලිමාවට හැකියාවක් ඇති වේද. මන්ද මේ පිරිස්වල වැඩි ප්‍රමාණයක සහාය ඇත්තේ මාලිමාවට ය. මේ යථාර්ථය නිසා “උන් ඔක්කොම යාලුවෝ මල්ලී” යැයි කීම නො කියා සිටින්නට ඉඩක් සැපයීමට මාලිමාවට හැකි වේද නැතිනම් ඊට ඉඩ දෙනු ඇත්ද යන්න අභියෝගයක් ලෙස පවතී. එය සම්පූර් කිරීමට හැකි වන්නේ නම් පමණක් නව තත්ත්වයේ එක කොටසක කොටස ද ජය ගත හැකි වනු අතර මේ සංස්කෘතීන් දෙක වෙනස් කිරීමම ප්‍රමාණවත් වනු ඇත. ඒ ඔස්සේ සමාජ සැකස්මට කිසියම් විනයක් නීතියක් සහ ඵලදායිතාවයක් අත්පත් කර ගැනීමට ඇති ආරම්භයක් ලෙස ආදර්ශමත් විය හැකි වනු ඇත.

දීල බලන්නකො අභියෝගය

නව තත්ත්වයේ සෙසු කොටස සම්පූර්ණ සම්පූරණ කිරීම අතරට අනතුරට පත්ව ඇති නෞකාව නිවැරදි දිශාවට මෙහෙය වන්නේ කෙසේද යන කාරණයේ දී ආර්ථිකමය සාධකය සමස්ථයට බලපෑම් කරන බැවිනි. පාලනයකින් පසුව පාලනයක් ලබා ගැනීම යනු නීතිමය වගවීමක් සහිත ව්‍යවස්ථාපිත පාලන භාර ගැනීමකි. එය දේශීය පමණක් නොව ජාත්‍යන්තරව ද බැඳී පවතින්නකි. මාලිමාව විසින් ජනප්‍රිය ප්‍රකාශ මොන තරම් කියන්නට යෙදුන ද, දේශීය සන්දර්භය ගෝලීය සන්දර්භය හා ගැලපීමේ දී මේ දෙක අතර සංවරණ හා තුලනය ඇති කර ගැනීමට කොපමණ සමත්කම් පාවි ද යන්න අනාගතයට පමණක් ඇති “දීලා බලන්නකො” යැයි ප්‍රකාශයකට වඩා සංකීර්ණ වනු ඇත. විශේෂයෙන් ගෝලීය බලවතුන්ගේ කාලාපීය මෙන්ම සෙසු අභිලාෂයන්ට මුහුණ දීමට සිදු කිරීමට ඇති අභ්‍යන්තරික වෙනස් කිරීම්වල ආර්ථික දර්ශනය හසුරුවා ගැනීමට ඇති අභියෝග ය ය. මුලින්ම බලය ලබා ගැනීමෙන් පසු, බලයට පත් කරනු ලැබූ ජනතාවගේ අපේක්ෂාවන් සංතෘප්ත කිරීමට ඇති හැකියාව පැවැති ක්‍රමයකට වඩා නව ක්‍රමයකට ලේසි පහසු නො වීම ය. එය තවත් දුෂ්කර වන්නේ බිඳ වැටි ඇති රටක පවතින තත්ත්වයට වඩා එහාට ගෙන යෑමට ඇති විභවයට අවශ්‍ය ශක්තිය ලබා ගත හැකි වන්නේ කෙසේද යන්න කල්පනා කිරීමේ දී ය. දැනට මාලිමාව විසින් යෝජනා කරනු ලබන විසඳුම් රටක් ලෙසත් ජාතික ලෙසත් සැලකීමේ දී, එම ප්‍රකාශ හා අදහස් බොහොමයක් ජනතාවගේ හැඟීම් හා කරනු ප්‍රකාශයන් ය. එය මුලුමනින්ම එසේ යැයි කිව නො හැකි වුත් යම් ආකාරයකට කැරට් අල මෙන් ය.

විකල්පයේ චින්තනමය දිළිඳුබව

ඒ වෙනුවට ජනතාවට නව චින්තනමය ආමන්ත්‍රණයක් හෝ නව ජීවන විලසයක ඇති වැදගත්මක පිළිබඳ විකල්ප යෝජනාවක් ඔවුන්ගේ ජනතා ආමන්ත්‍රණයන් තුල දැකිය හැකි නො වේ. ඔවුන් සතුව සැඟවුණු දර්ශනයක් හෝ උපාය උපක්‍රමයන් සහිත පාලන ආකෘතියකට අවශ්‍ය ක්‍රමවේදයක් තිබේ නම් එය සාධනීය අභියෝගයක් ලෙස සලකා පිළිගත හැකි වේ. නමුත් මාලිමා දේශපාලනයේ පෙන්නුම් කරන අවම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට යොමු වූ භාවිතාවකට ගමන් කළ හැකි වේද යන්න ද අභයෝගයක්ව පවතී. මේ නිසා මෙතැන දී ජයග්‍රහණය කිරීම කියන දෙය සිදුවන ආකාරයත් මෙම කාරණයේ දී වැදගත් වේ. ගෝඨාභයට ලැබුණු ජනතා කැමැත්ත මෙන් ජන වරමක් ලැබුණොත් ඇති වන තත්ත්වය සහ ඉතා අමාරුවෙන් ලබා ගත හැකි ජයක් උවහොත් එය තත්ත්වයන් දෙකක් වනු ඇත. මේ තත්ත්වයන් දෙකම ජයක් උවුත්, එම ප්‍රමාණත්වය විසින් ගුණය තීරණය කිරීමට හේතු විය හැකි ය.


ජයග්‍රහණයේ වගකීම

පළමු වැනි තත්ත්වය එනම් බහුතර ජයක් ලැබුණොත් විශාල වගකීමක් පැවැරෙන්නේ ජාතික ජනබලවේගයට ය. එය ගෝඨාභයට පැවරුණු හා සමාන නොව ඊටත් වඩා වගකීමකි. එය විසින් එක් අතකිත් අභියෝගත්මක අවකාශයක් ලබා දෙනු ඇත. එය ජනධිපතිවරණයකින් සිදු වන්නේ නම් මහ මැතිවරණයේ දී එහි වාසිය ලැබීමත්, අවශ්‍ය කරන ව්‍යවස්ථා ප්‍රති නිර්මාණයටත් ලැබෙන ඉඩ කඩ විසින් පාලනය ව්‍යුහගත කර ගැනීමට ඇති පහසුකම ය. ඉතා අමාරු ජයක් ලැබුණොත් වගකීම පැවරෙන්නේ ජනතාවට ය. එනම් මාලිමාව කෙරෙහි විශ්වාස තබා ගැනීම සහ බොහෝ විට දැන් පවතින දුෂ්කරතාවන්ට වඩා දුෂ්කර තත්ත්වය මුහුණ දී ඉදිරියට ගමන් කිරීමට ඇති ඉවසීම සහ විනය තබා ගැනීම ය. ජයග්‍රහණයේ අවස්ථාවන් දෙකම ජනතාවගෙ පැත්තෙන් සලකන්නේ නම් හා ජනතාව විසින් ජාතික ජනබලවේගය ජය වෙත අරන් යනවා නම්, බලාපොරොත්තු තබා ගැනීම කියන සිතිවිල්ලට ස්වං විනයක් ඇති කර ගැනීමට සිදු වනු ඇත. ජනප්‍රිය වගේම වේදිකාවල ප්‍රකාශ කරනු ලබන දේවල් සපුරන එක ගැන නො හිතා සිටිය හැකි ජාතිකත්වක් සහ පාක්ෂිකත්වයක් සහිත විශ්වාසයක් ඇති කර ගනු ලැබී මුඛ්‍ය කාරණයක් වනු ඇත. එබැවින් මාලිමාවට ජයග්‍රහණය බලා දීම යනු එක් අතකින් ජනතාව එම වගකීමේ ප්‍රධාන කොටස බවට පත් විය යුතු වීම ය.

පරමාධිපත්‍යය නම් මිත්‍යාව

ඉහත සියලු උපකල්පනයන් ගණනය කරනු ලැබුවේ සෙසු සාධක අක්‍රියව සිටින්නේ නම් යන ප්‍රවාදයට අනුව වුවත් එය එසේ නොවන බව කිව යුතු නැත. ඒ වගේම 75 වසරක දේශපාලනයේ සිදු වීමට යන හැරවුම දෙස ලංකාවේ ප්‍රාග්ධන හිමි පංතියත්, ඔවුන් සතු ව්‍යාපාර ජාලයන් හා සබඳතාවන් විශේෂිත අවධානයකින් සිටීම නො සලකා හැරිය නො හැකි ය. අනෙක් අතින් ගෝලීය දේශපාලනයේ දී, ලංකාව මූලිකකර ගත් ඉන්දු චීන සහ බටහිර දේශපාලනය මාලිමාව වැනි පරිවාරීය දේශපාලන ව්‍යාපාරයකට බලය ගමන් කිරීම කොපමණ ප්‍රමාණයට ගනන් බලන්නේ ද යන්න නො වැලක්විය හැකි සාධකයකි. ඔවුනට ජනතා පරමාධිපත්‍ය වෙත කළ හැකි බලපෑම අවම යැයි උපකල්පනය කරනු ලැබුව හොත්, ලබා ගන්නා ජයග්‍රහණය නොමගට හැරවීමට හෝ අත්පත් කර ගැනීමට හෝ හිරකර තැබීමට ඇති හැකියාව විශාලව පවතී. නිදසුනක් ලෙස ඉන්දියාව ලාංකීය දේශපාලන වෙනසේ කේන්ද්‍රීය සාධකය බවට පත් වී ඇත. මේ වන විට කිසිවකුට ලෙහෙසියෙන් වෙනස් කළ හො හැකි ආකාරයේ දේශපාලනික ජාලයක් සහිත ඉන්දීය අණසකට යටත් ආර්ථික දේශපාලනික හා උපායමාර්ගික සංස්කෘතියක් ගොඩ නගා ඇත. ඔවුන් හා එකඟතාවකට රාජ්‍ය තාන්ත්‍රිකව යොමු විය හැකි වුවද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සඳහා ආර්ථික හා දේශපාලනික ප්‍රතිපත්තීන් වෙත පිවිසීමේ දී, ස්වකීය අනන්‍යතාව හා දේශපාලනික දර්ශනය කුමන ප්‍රමාණයට කළමණාකරණය කර ගතහැකි වේද යන්න අභියෝගයක් වන්නේ ගෝලීය අභිලාෂයන්ට සාපේක්ෂකව ය.

මේ සියල්ල සලකා බැලීමෙන් නිගමනයන් දෙකකට පැමිණිය හැකි වනු ඇත. එකක් වන්නේ නිශේධනාත්මක ලෙස සලකා මාලිමාවට කළ නොහැකි යන්න ය. දෙවැන්න වන්නේ, සාධනීය නිගමනයකට පැමිණීම ය. එනම් ඔවුනට මෙම අභියෝගයන්ට මුහුණ දීමට ඇති හැකියාව ලෙස ය. මාලිමාව පමණක් නොව බලය ඉල්ලා සිටින ඕනෑම පාර්ශවයක් අභියෝග භාර නො ගැනීමෙන් දේශපාලනයට නො පිවිසෙන බැවින් මෙම අභියෝගයන්ට මුහුණ දීමට නො හැකි යැයි කීම කිව හැකි වුවත්, එය සාධාරණ හා යථාර්ථවාදී ද නො වන්නේ ය. මේ නිසා මාලිමාවේ දේශපාලනික ජය සඳහා මෙහි සාකච්ඡා නො කළ තවත් කාරණා අතරට දෙමළ ජනාය පිළිබඳ සාධකය දේශීය වශයෙන් පමණක් නොව රටින් පිටත ද විශාල සහ වැදගත් අභියෝගයක් ලෙස පැවතීම මාලීමාව ඒ සඳහා යොමු වී ඇති ප්‍රමාණය සිය ප්‍රතිපත්ති හා දෘෂ්ටිවාදීමය තලයේ දී පැහැදිලිව ප්‍රකාශ නො වීමත් තවත් කාරණාවක් වී ඇත.

මාලිමාව මුල් කරගෙන ගොඩ නැගෙන 2024 දේශපාලන සිනාරියෝව මේ නිසා පෙර නො වූ විරූ තත්ත්යක් වීම නිසාම එය පූර්ව නව තත්ත්වයක් (pre new condition) බවට ද පත් වී ඇත. එය පශ්චාත් යටත් විජිත දේශපාලන සංස්කෘතියේ එක් සුවිශේෂී අවස්ථාවක් වන බැවින් එතෙක් පැවැති ප්‍රභූ දේශපාලනයේ අවසානය සලකුණු කරමින් නව පංතියක බලයක් සඳහා මාරු වීමකට ඇති ඉඩක් බවට පත් වන බව ප්‍රත්‍යක්ෂ වුවහොත් මෙයට එරෙහිව සෙසු සියල්ල එක් කඳවුරක් බවට පත්වීම හෝ දැනට පෙනෙන ආකාරයට බලවත් කඳවුරු කිහිපයක් ඔස්සේ කිසිවකුට බහුතර බලයක් ලබා ගැනීමට නො හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම සිදු විය හැකි ය.

අතීත අත්දැකීම් අනුව මාලිමාව පිළිබඳව කරනු බලන සාධනීය තක්සේරුවක ඇති යථාර්ථය ද නො සලාකා හැරිය නො හැකි වේ. එනම්, සියයට තුනක ප්‍රතිශතයක පැවැති සන්ධානයක් සියයට පණහ ඉක්මාවා යන ජයග්‍රහණයකට පැමිණෙන්නේ නම්, එය එසේ සිදු විය හැකි සංයුතිය පිළිබඳ තාර්කික අවබෝධයක් ලබා ගැනීම විශේෂයෙන් මාලිමාවට ඇති වගකීමක් ද වනු ඇත. මාධ්‍ය හරහා සහ ජනතා රැළිවලින් පෙන්නුම් කරන ප්‍රමාණය විසින් සමස්ථය ගණනය කිරීම නිවැරදි ද යන්න ය. එය ඔවුන් නොදන්වා නො වන්නට පුලුවනි. ආසන්න නිදසුන වන්නේ, 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේ දී ජනතා ඒකරාශී වීම හා මාධ්‍ය මුහුණත දෙස බලා සියයට තුනක ප්‍රතිශතයක් ලබා ගැනීමට සිදු වෙතැයි කිසිවකු අපේක්ෂා කළා හැයි කිව හැකි නොවේ. එදා තත්ත්වය අද නොවුවත්, අද තත්ත්වය එදා පැවැති ගෝඨාභයගේ තත්ත්වය වැනි මුලු මහත් සමාජ දේහයේ අඩකට වඩා සමුච්ඡගත ජනතා කැමැත්තකට යොමු වීමට තරම් සමාජ සාධකයක් ඇති වීමට සමත් ක්ෂුද්‍ර දේශපාලනික භාවිතාවක් මාලිමාව විසින් සිදු කරන්නේද යන්න ඔවුන්ම තේරුම්ගත යුත්තක් වී ඇත. අනෙක් අතට ලාංකීය ජනතාව යනු දිනෙන් දින දේශපාලනික සාක්ෂරතාව හා උපයෝගීතාව අතින් සවිඥාණක වීම ද නො සලකා හැරිය නො හැකි ය. එම නිසා ගැලරියට කරන ජනප්‍රිය දේශපාලනය එනම් පශ්චාත් කරුණුමය දේශපාලනයට (Post facts politcs) වඩා සත්‍ය දේශපානයට සවිඥ්ඥාණික ජනතාවක් ද සිටීම ද වැදගත් සාධකයක් වී ඇත. ඒ සඳහා යොමු විය යුතු වන්නේ සාරව (macro)ප්‍රචාරණයන්ට වඩා ක්ෂුද්‍ර (micro) දැනුවත් කිරීම් ඔස්සේ වන නියම දේශපාලනය වෙත ය. එය මහා රැළිවලට වඩා අසිරු වන්නේ දේශපාලනික දර්ශනයක් හා දෘෂ්ටිවාදයක් සහිත කාඩරයක ඇති ශක්තිය ය. සත්‍ය පදනම් දේශපාලනයකට සත්භාවීය ප්‍රවේශයක පුහුණුවක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සාකල්‍ය භාවිතාවන් වෙත යොමු වීම ද වැදගත් වනු ඇතැයි සිතිය හැකි ය.

කෙසේ වෙතත් යන නිගමනය

අවසාන වශයෙන් නැවත උපකල්පනයක් ලෙස සලකා මේ සියල්ල මාලිමාව සතු වී කුමන හෝ ජයග්‍රහනයක් අත්පත් කර ගැනීමට සමත් වන්නේ නම්, එය එක් අතකින් නව පංතියක් අතට මාරු වන දේශපාලනයක් වන අතර රාජපක්ෂ දේශපාලනයේ අවසානය බවට පත් වීම පමණක් වුව සෑහෙන්නේ ය. එම සංස්කෘතිය අතු ගා දැමීමෙන් පසුව හා එයට නැවත හිස එසවිය නො හැකි ලෙස නෛතිකව ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව වෙනත් පාර්ශවයකට බලය මාරු වුවත් එය රටේ මෙන්ම දේශපාලන සංස්කෘතියේ ජයග්‍රහණයක් බවට පත් විය හැකි අතර එය ඓතිහිසික කාර්යයක් විය හැකි වේ. මෙම හැරවුම සාර්ථකත්වයේ දිශාවට ගමන් කරන විපරිවර්තනයක ලක් කර ගැනීමට හෝ අසාර්ථකත්වය විසින් වෙනත් විකල්ප අවස්ථාවකට විපරිවර්තනය කර ගැනීමේ අවස්ථාව ද මේ නව තත්ත්වය විසින් උදා කිරීමම නව තත්ත්වයක් වනු ඇත.

උදය ආර්. තෙන්නකෝන්

03.01.24

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan