අපේ අපේක්ෂකයා රනිල් – රංගේ බණ්ඩාර

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජනාධිපතිවරයා ගත් තීරණ ක්‍රියාත්මක වීම නිසා වසර 25ක ට පසු රටේ ජාතික ආදායම වැඩිවී ඇති බවයි මහ ලේකම්වරයා පවසන්නේ.

ඉන් ජනතාවට සහන ලබාදිය හැකි බව ඔහු කියා සිටියි. ජනතාව පෝලීම්වල සිටියදී රට භාර ගන්නා ලෙස ඉල්ලීම් කරද්දී පැන ගොස් නැවත රටේ බලය ඉල්ලා විවිධ දේ ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

බංකොලොත් වූ ආර්ථිකය හැදීමට නම් ඒ සඳහා දුක්විඳින අය එකතු විය යුතු අතර ආදායම සහ ආර්ථිකය ශක්තිමත් වූ පසුව වැට් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති බවයි රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...