රැජිණගේ ගිණි සිළුවේදී බරට සැළකිලි

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පදනම් කරගෙන දින 269 ක් රටවල් 72 ක දේශ සීමා ස්පර්ශ කරන්නට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙල ගිනි සිළුව නොහොත් රැජිණගේ ගිණි සිළුව ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය වෙත රැගෙන ඒමේ අවස්ථාව බර ඉසිලීමේ ක්‍රීාව හා සම්බන්ධ චින්තන ගීතාල් විදානගමගේට සහ හංසනි ගෝමස්ට හිමි වුණා.

බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල රන් පදක්කම දිනා දුන් චින්තන ගීතාල් විදානගමගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පළමු කාන්තා බර ඉසිලීමේ පදක්කම්ලාභිණිය වන 2018 දී ලෝකඩ පදක්කමක් දිනා දුන් හංසනී ගෝමස් එම ඓතිහාසික දක්ෂතාවයන් නිසා මෙම අවස්ථාව උදා කර ගත්තා.

දින තුනක් මෙරට රැදෙන රැජිනිගේ ගිණි සිළුව රත්මලානේ පිහිටි ශ්‍රවණ සහ කථන ආබාධිත පාසලට ද පැමිණීමට නියමිතයි.එසේම මහනුවර,හැටන් සහ කොළඹ කේන්ද්‍රීයව සිඳුවන ගිණි සිළුව ගමන් කිරීමේදී හැටන් ප්‍රදේශයේ Kirkoswald Tea Factory මෙන්ම මහනුවර ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් වන රණබිම රාජකීය විද්‍යාලය මෙන්ම බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා දුන් වික්ටෝරිය ජලාශය යන ස්ථාන ප්‍රධාන කොට ස්පර්ශ කිරීමටත් නියමිතයි.රැජීනගේ ගිණි සිළුව රැගත් සංචාරයේ ගමනාන්තය සිඳුවීමට නියමිත තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේදී යි.
රැජිණගේ ගිණි සිළුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව එය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද රැගෙන ගිය අතර එම අවස්ථාවට වත්මන් මහා කොමසාරිස්වරිය වන සාරා හුල්ටන් ද එක් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...