ජනිත් ලියනගේ ට නැවත කැඳවීමක්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 04 කොළඹ (LNW): සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජනිත් ලියනගේ කැඳවීමට නව තේරීම් කමිටුව තීරණය කර ඇත.2022 වර්ෂයේදී විස්සයි විස්ස තරගාවලියක් පමණක් නියෝජනය කර ඇති ජනිත් එහිදි පිතිකරුවෙක් ලෙස ලබාගෙන ඇත්තේ ලකුණු 28 ක් පමණි.නව තේරීම් කමිටුව පැමිණෙන තෙක් නැවත සළකා බැලීමකට ලක් නොවුණු ජනිත් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අකිල ධනංජය ද මේ කණ්ඩායමට කාලයකට පසුව එක් කරන්නට නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.


එසේම පළමු පෙළ තරගවලදී ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ද මෙම සංචිතයේ කලකට පසුව දකින්නට ඇති අතර බොහෝ විට ඔහුට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ භූමිකාව සඳහා කැඳවීමක් ලැබෙනු ඇතැයි සිතිය හැකියි.ගෙවුණු වසර දෙකකට ආසන්න ඉතිහාස දත්ත බලන විට ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුන භූමිකාවක් කළ චාමික කරුණාරත්න අවසාන 16 දෙනා අතරට කැඳවා නැති අතර 16 අතර සිටින නව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකයා වන වනිඳු හසරංග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිතව ඇත්තේ ඔහුට ඔහුගේ ශාරිරික යෝග්‍යතාවය පිළිබඳව ලැබෙන වෛද්‍ය නිගමනයන්ට අනුවයි.


කුසල් මෙණ්ඩිස් පළමු වරට ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස මේ තරගාවලියට පෙනී සිටින අතර ඔහුගේ උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංක යි.ඒ වගේම මේ සම්බන්ධයෙන් දැණුම් දීමට පැවති මාධ්‍ය හමුවේදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග පෙන්වා දුන්නේ නව ටෙස්ට් නායකයා ලෙස ධනංජය සිල්වා කැඳවීමට ද නව තේරිම් කමිටුව තීරණය කර තිබෙන බවය.


ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් මෙණ්ඩිස්,චරිත් අසලංක,අවිශ්ක ප්‍රනාන්දු,පැතුම් නිශ්ශංක,සදීර සමරවික්‍රම,සහන් ආරච්චිගේ,නුවනිඳු ප්‍රනාන්දු,දසුන් ශානක,ජනිත් ලියනගේ,මහේෂ් තීක්ෂණ,ඩිල්ෂාන් මධුශංක,දුෂ්මන්ත චමීර,දුනිත් වෙල්ලාගේ,ප්‍රමෝද් මධුශාන්,ජෙෆ්රි වැන්ඩර්සේ,අකිල ධනංජය සහ ශරීර යෝග්‍යතාවය සළකා බැලීමෙන් පසුව වනිඳු හසරංග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...