වන සතුන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ගත් පියවර කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වගා හානි කරන වන සතුන් පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක් දියත් කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“වන සතුන්ගේ ප්‍රශ්නයෙන් ජනතාව විශාල වශයෙන් බැට කනවා. ඊට අදාළව පරිසර නියෝජ්‍ය ඇමතිතුමා සහ අනෙකුත් මන්ත්‍රීවරු සහ මන්ත්‍රීවරියෝ, ඒ වගේම රජයේ ආයතන නියෝජනය කරමින් ආයතන ප්‍රධානීන්, පොලීසිය, මේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් කරගත්තා. ඒ අනුව අපි දිගුකාලීන විසඳුමක් විදියට සත්තුන්ගේ ප්‍රශ්නය බේරන්න වැඩපිළිවෙලක් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. කෙටිකාලීන විසඳුමක් විදියට අද කමිටුවක් නම්කළා මේ සියලුම ආයතන නියෝජනය වෙන විදියට, විශේෂයෙන්ම තාවකාලිකව මේ සත්තු අදාළ රක්ෂිතවලට පළවා හැරීමක් කිරීමට සහ තියෙන අලි වැටවල් සක්‍රිය කරන්න, කැඩිච්චා හදන්න. ඒ අනුව ඊට අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුවක් පත් කළා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සම්බන්ධීකරණය සහිතව. ඒක ලබන 07 වෙනිදා රැස්වෙන්න දින යොදාගත්තා. ඒ අනුව ඊට අදාළ තීන්දු තීරණ ගන්න අපි තීරණ ගත්තා”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 04) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...