*
Tuesday, January 7, 2025
spot_img

Latest Posts

ප්‍රියන්තගෙන් විය යුතු ප්‍රිය කාරණා

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 05 ,(LNW)කොළඹ :

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රියන්ත ඒකනායක පත්වීම සම්බන්ධයෙන් සතුටු වූ මාධ්‍යයක් ලෙස අප වෙබ් අඩවියද පෙරමුණේ සිටියේය.ඔහු ජාතික කණ්ඩායම් ක්‍රීඩා දෙකකින් නියෝජනය කිරීම මෙන්ම, ඒ වන විට ඇති වී තිබෙන රග්බි අර්බූදය නිර්මාණය වී තිබුණේ කේසේ ද යන්න දේශපාලනික මට්ටමෙන් රජයට අවබෝධ කර දීමට ඔහුට හැකි වෙනු ඇතැයි යන විශ්වාසයත්,ශ්‍රී ලංකා බේස්බෝල් ප්‍රධාන විධායක ලෙස ඔහු කරන ලද කාර්ය භාරයත් ඒ සඳහා හේතු විය.


විශේෂයෙන් ආසියානු රග්බි විරෝධය සහ ජාත්‍යන්තර රග්බි විරෝධය, ශ්‍රී ලංකාව විසින් දඬුවම් කළ යුතුව තිබූ,ශ්‍රී ලංකාවේ සමස්ත රග්බි දේහයට හානි කළ පිරිස ජාත්‍යන්තරය සමඟ එක් වී තමන්ගේ අවශ්‍යයතාවයන් ඉටු කරවා ගැනීමට දරණ උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබීම ප්‍රියන්ත වැන්නෙක්ට පැහැදිළිව අවබෝධ කර ගැනීමට ඇති හැකියාව ඊට ප්‍රධාන වශයෙන් බලපෑවේය.ඒ අයට දඩුවම් කිරීමේ අවශ්‍යයතාවය,වැරදි සෙවීමට කටයුතු කිරීම යනාදිය සඳහා අමාත්‍යවරයා දැනුවත් කර තමන් කළ ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රියන්තට ඇති හැකියාව ඔහුගේ පත්වීම ගැන සතුටු වන්නට හේතුවක් විය.


එහෙත් ඔහු ජාතික තලයේ මාධ්‍යයකට ප්‍රකාශ කළ බවට ප්‍රසිද්ධ කරන කාරණා අනුව ඔහු සිටින්නේ කුමන්ත්‍රණයක් විසින් ශ්‍රී ලංකා රගර් මත පටවන බලපෑම අනුමත කරන තත්ත්වයක ද යන්න සිතිය යුතුව ඇත.ප්‍රාදේශිය සංගම්වලට බලය පැවරෙන ලෙස පවතින ව්‍යවස්ථාව පොළවට සම්බන්ධ වන්නේ ද,ජාත්‍යන්තර වශයෙන්ය.නවසීලන්ත ජාතික ජෙෆ් මැතේසන් හී පවතින ව්‍යවස්ථාවේ පදනම් ලියවිල්ලේ නිර්මාපකයාය.එය ප්‍රියන්ත හොඳින් දන්නා කරුණක්ය.

රගර් යා යුතු මග…
එසේම ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය රගර් සංවර්ධනය ඇණ හිටින්නේ ජාත්‍යන්තරය විසින් වාර්ශිකව ලබා දුන් ආධාර මුදල් නැති වී යාම නිසාය.එය නිකම්ම නැති වුණේ නැත.හේතුව විදේශිකයන් නිසි නීතිමය පදනමකින් තොරව පුරවැසිකම සහිත තත්ත්වයක නොසිටියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරවීමය.එසේ කරන්නට හේතුව ශ්‍රී ලංකාව දිනවීමේ උවමනාව නොව,නායක රජ පුතාට රට දිනවිය හැකි පෙන්වීමය.එයට හවුල් වූ එවකට සිටි රගර් ප්‍රධානින් එම වරද කළ විට ජාත්‍යන්තරයෙන් පැන වූ පවුම් 50000 ක දඩය ගෙවීම වරද කළ නිලධාරින් විසින්ම ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාරවලින් වාර්ශිකව අඩු කර ගන්න කීවේය.
මේ කාරණය ප්‍රියන්ත ඒකනායක පැහැදිළිව දන්නේය.නාමල් රාජපක්ෂ පැමිණි පසු පවතින පරිපාලනය නිදහස් සහ සෘජුව තීරණ ගනිද්දී ඊට හරස් කපමින් තමන් වෙනුවෙන් රටේ රගර්වලට පවුම් 50000 ක දඩයක් ගැසීමට ඉඩ හසර සකස් කළ පුද්ගලයා පරිපාලන කමිටුවක් පත් කර එහි සභාපති බවට පත් කළේය.ඒ පත් කිරීම සිඳු කරන්නේ වරදට දඬුවම් නොලැබීම නිසා ආසියාවේ සභාපතිගේ තුරුල්ලට පැනි සිටියදී,ආසියානු සභාපතිගේ ද අදහස් සහ ආශිර්වාදය ඇතුවය.එය එවකට හිටි ක්‍රීඩා අධ්‍යක්ෂවරයා රගර් පරිපාලනයට දැණුම් දුන් ලිපියේම තිබුණු දෙයක්ය.


ඒ ආකාරයට ආසියාව සමඟ එක් වී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ සංස්කෘතිය පියවරෙන් පියවර ඉදිරියට පැමිණ දේශිය අනුග්‍රාහකයන්ද පිට රට පැටවීමට අමාත්‍යවරයා ද උදව් දෙද්දී,පැවති රගර් පරිපාලනයට අලුත් අනුග්‍රාහකයන් සොයා යන්නට විය.ඒ අභියෝග ජය ගත්ත ද,රටේ ක්‍රීඩාවට අදාළ දේශපාලන නායකත්වය සහ ආසියානු නායකත්වය විසින් ඇති කරන පීඩනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ආසියානු සභාපතිවරයාට පෞද්ගලිකව දුරකතනයෙන් (අන්තර්ජාල සබඳතා හරහා) කළ දොස් පැවරීමකට ආසියානු සම්මේලනය ඔහුව තහනමට ලක් කරන්නේය.


එය ආසියානු සම්මේලනයේ විනය පද්ධතිය බිද දැමීමක් නොව,පෞද්ගලික කාරණයක් වුව ආසියානු සභාපතිවරයා සිය බලය යොදා තහනම ගෙන ආ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක්,කරුණු දැක්වීමට අවස්ථාවක් අද වනතුරු ලබා දී නැති අතර එක් පාර්ශවිකව රටේ රගර්වල ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයාට පහර දීමට හැකි පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරු සහ අමාත්‍යංශ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් අල්ලාගෙන සිටියා විනා,රට වෙනුවෙන් කතා කළ පුද්ගලයා සම්බන්ධයෙන් සාධාණ පරීක්ෂණයක් සිඳු වී නැති බව හෝ පෙන්නා දෙමින් ජාත්‍යන්තරය දැනුවත් කරන්නට ගියේ නැත.
වැරදි හෝ නිවැරදි හෝ යන්න පසෙක ලා ආසියාව සහ ජාත්‍යන්තරය යමක් කී විට එය ඒ ආකාරයෙන්ම භාර ගත යුතුය යන්න ප්‍රියන්ත ඒකනායක ද විශ්වාස කරන බව ඔහු අදහස් දක්වා තිබෙන මාධ්‍ය වාර්තාවෙන් පැහැදිළි වන්නේය.අසාධාරණ තීරණයකින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට යම් හානියක් වන්නේනම් ඊට එරෙහි වීම නොව අසාධාරණය සාධාරණය ලෙස භාර ගන්නා ලෙස අමාතවරයාට උපදෙස් දීම ප්‍රියන්ත ඒකනායක සිය ධූරයේ වගකීම ලෙස සිතා සිටින්නේ ද යන්න පැහැදිළි නැත.

“රගර්ප්‍රිය“ වීමට ප්‍රියන්ත යා යුතු මඟ
මේ වන විටත් ව්‍යවස්ථා වෙනසෙන් අපේක්ෂා කරන සහ උත්සාහ කරමින් සිටින ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ වෙත වැඩි බලයක් පැවරීම ගැන නැවත සිතන්නට වන හොඳම උදාහරණයක් ලෙස ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය මේ වසර පටන් ගැන්මේදී ම,තමන්ට ඒ කාණ්ඩයට පිවිසීමට අවස්ථාව දීම සාධාරණය කරමින් සීඑච් කණ්ඩායම පරාජය කර ඇත.එසේම මේ කියන ක්‍රීඩා සමාජ තමන්ගේ ක්‍රීඩා සමාජවලට තිබෙන ඉහළ පහසුකම් සමඟ කුමාර සංස්කෘතියක සාමාජිකයන් පිරිවරාගෙන කරන්නේ කුමක්ද යන්න ද ප්‍රියන්ත ඒකනායකට පැහැදිළිය.
ඒවා වටා වරප්‍රසාදිත ජන කණ්ඩායමක් සිටින බව අපි දනිමු.කොළම නගරයේ අවන්හල් පහුසුකම් සමඟ ඉතා අඩු බඳු මුදලකට (සාපේක්ෂව) එම ක්‍රීඩා සමාජ පවත්වා ගෙන යාමේ ඉඩ ද ලැබී ඇත.ඔවුන් ඒ වෙනුවෙන් රගර් ක්‍රීඩා කිරීමේදී කාන්තා මෙන්ම වයස් කාණ්ඩවල ක්‍රීඩා තරග සඳහා ද කණ්ඩායම් සූදානම් කර ඇද්ද?ප්‍රාෙද්ශිය සංගම් යටතේ තිබෙන ක්‍රීඩා සමාජ හරහා ජාතික තලයට එන ක්‍රීඩකයින් කුඩා ක්‍රීඩා සමාජ වැසී යාමෙන් ඉනික්බිතිව සිය රගර් දක්ෂතා සමඟ ඉහළ ක්‍රීඩා සමාජයකට එන තෙක් රැඳී සිටින්නේ කෙසේ ද?
අමාත්‍යවරයාට රටේ සමස්ත ක්‍රීඩාවේදී පොළවේ අවවරප්‍රසාදිත කොටසේ දස්කම් ආවරණය කරමින්,ජාතිකමය වශයෙන් ක්‍රීඩාව පවත්වා ගෙන යාමට පළාත් මට්ටමේ සංවිධාන පෝෂණය කිරීමට උපදෙස් දීම,රටේ සම්පත් විමධ්‍යගත නොවීම,වැළක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් හා උපදෙසක් දීම ප්‍රියන්ත ඒකනායක වගකීම කර ගත යුතු බව ඉතිහාසය විසින් මේ රජයට පවරා ඇති වගකීමට අනුව සිඳු විය යුතුය.එහෙත් ප්‍රියන්ත මේ මොහොතේ ආසියාව සහ ලෝකයේ අපේක්ෂාවන් ලෙස දකින්නේ (එම පුවත්පතට ඔහු සැබවින්ම එම කරුණු ප්‍රකාශ කර ඇත්නම්) මේ රටේ රගර් ක්‍රීඩාවේ ස්වාධීනත්වය,සෘජු බව කුමන්තණකාරී ලෙස විනාශ කළ අයට අනුව නැටීමනම් එහි බරපතල දේශපාලන ප්‍රශ්නයක් ද ඇත.


ප්‍රියන්ත පරිපාලකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවට හොඳ යමක් කළ නිසා ඔහු එහි වත්මන් තත්ත්වයද දන්න බව විශ්වාසය.එහි අද සිටින සිය රගර් සඟයා එම තනතුරෙන් වැජඹෙනු විනා ක්‍රීඩාව බැබලවීමට දෙයක් කරන්නේ ද නැද්ද යන්න ද ප්‍රියන්ත දන්න බව අපට විශ්වාසය.අඩුම තරමේ මෑතකදී පැවති ජාත්‍යන්තර තරගාවලියට ඔහු මුදල් හෝ සොයා නොදුන් බව අපි සාක්ෂි සහිතව දන්නෙමු.රගර් එවැනි අයගේ බලයට,සහ වික්‍රමයන්ට අඩංගු කළ යුතු ද යන්න ප්‍රියන්ත සිතිය යුතුව ඇත.


රගර් පරිපාලනය ණය වූයේ කෙසේ ද යන්න තවමත් එම කේෂ්ත්‍රයට ඇතුළත් වීමට දරන පණ පිටින් සිටින පිරිසගෙන් විමසා බැලීම,ලංකාවට පවුම් 50000 ක මුදලක් අහිමි කළ පරිපාලනයන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම ආදිය කරන්නට අමාත්‍යවරයාට ඇති බලතල ප්‍රකාරව වැඩ කරන්නට උපදෙස් දෙන්න.එවිට ආසියාවට හෝ ලෝකයට යන්නට බොහෝ දෙනෙක්ට ඉඩ ඇහිරෙනු ඇත.ඒ නිසා රජයේ අරමුණ මේ රටේ ක්‍රීඩාව ගමක් ගමක් ගාණේ සම මට්ටමට ගෙන ඒම සහ දක්ෂයන් නිර්මාණය කිරීම සහ එම දක්ෂතා පොහොසත් කිරීමට අවශ්‍යය පොළව සැකසීමනම්,රගර් ක්‍රීඩාවට එය අහිමි කරන්නට ව්‍යවස්ථා සංශෝධනයකින් දරණ උත්සාහය වළකා රජයේ ප්‍රතිපත්තමය කාරණා මත රටේ ක්‍රීඩාවේ ව්‍යාප්තිය සඳහා ප්‍රාදේශීය වශයෙන් ඇති බලය සුරක්ෂිත විය යුතු බව ජාත්‍යන්තරයට ලියා දැන්වීමට අමාත්‍යවරයාට උපදෙස් දීම උපදේශකයෙකු ලෙස ප්‍රියන්තගේ කාර්යය වන්නේය.මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පවා ඡන්ද අඩු කර ද,ව්‍යාප්ත වීමේ අවශ්‍යයතාවය පදනම් කරගෙන කල්පනා කරන්නට පටන් ගෙන ඇත.


ඉතිහාසය ගත් විට ඌව,තල්දූව මෙන්ම ලිඳුල වැනි ප්‍රදේශවල රගර් ගැහැව්වේ වැඩිපුර දේශිය අය නොවේය.විදේශිකයන්ය.එහෙත් එම ජාන ඔවුන් ඒ ප්‍රදේශවල ඉතිරි කර ගොස් තිබෙනවා විය යුතුය.ඇත්ත සමාජ ලිංගික කාරණාවන් ලැජ්ජාවක් නැතුව අප පිළිගත යුතුය.ඉතිං ඒවායේ පොහොට්ටු සොයා මල් බවට විකසිත කිරීම ගැන කල්පනා කරමින්,ලෝකයට ඇත්ත ඉතිහාසය කියා,ලංකාවේ රගර්වල නැගිටීම අඩපන කිරීමට බල පෑ මිනිසුන්ට දඩුවම් දීමට අවශ්‍යය පරිසරය සැකසීමත්.ඔවුන් නිසා ආසියාව සහ ලෝකයේ පාලනයට නතු කර ශ්‍රී ලංකේය අනන්‍යතාවය නැති කිරීමට දරණ ලෝකයට රටේ ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය කාරණා මත විමධ්‍යගත වීමේ අවශ්‍යයතාවයත් ලියා දැක්වීමට අමාත්‍යංශයට සහ අමාත්‍යංශයට උපදෙස් දිය යුතුව ඇත.එව ප්‍රියන්ත ඒකනායක අතින් සිඳු විය යුතු ප්‍රිය කාරණයක්ය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan