*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හෙට දවස

සෞභාග්‍යයමත් දේශයක් විනය ගරුක සමාජයක් තුළ සතුටින් සිටින පවුලක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක පාසල් නොයන දරුවන් 200 දෙනෙකු පාසල් වලට යොමු කිරීමේ අරමුණ ඇතිව එම සංකල්පය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද වැඩ සටහනකි.

මේ රටේ දරුවන්ගේ සිට මෙම කටයුත්ත ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය නිතැතින්ම කල්පනා කලා. ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රජා පොළිස් කොට්ඨාසය සහ බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව “හෙට දවස” නමින් මෙම වැඩසටහන ආරම්භ කිරීම සිදු විය.

මත්ද්‍රව්‍ය ජාවාරම් , හොර කම් , පාතාල නායකයින් සමඟ සම්භන්ධතා වැනි නොයෙකුත් අපරාධ සඳහා දුරාචාර වලට සම්භන්ධ පුද්ගලයන්ගේ පවුල් වල සතුට පලාගොස් ඇත . නමුත් එම පවුල් වල සාමාජිකයන් ඉතාමත් දුක්ඛිත ජීවිත ගත කරන අතර ඔවුන්ගේ දරුවන් නියමිත කලට පෙර අධ්‍යාපනය අඩාල වී නිවෙස් වල සිටින අතර ඔවුන් ද අවසානයේ රටට බරක් වී ඇත. ඔවුන් ද අවසානයේ දුරාචාර වලට හුරු වනු ඇත.

මෙහිදී ජනාධිපති ගෝඨාභය මැතිතුමා ඉලක්ක කළේ අධ්‍යාපනය ලැබිය යුතුම වයසේ දරුවන් ගේ අනාගතය වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමටය. ඒ අනුව එම දරුවන්ට යහපත් සමාජ ජීවිතයක් ඇති කිරීමටත් , අතර මඟ නැවතුණු අධ්‍යාපනය නැවත ලබාදීමටත් කටයුතු ආරම්භ කලේය. ඒ අනුව මෙලෙස නොයෙකුත් දුරාචාර සහ ජාවාරම් වලට ලක්වූ දෙමාපියන් ගේ දරුවන් 200 දෙනෙකුට එම සමාජ සත්කාරය ආරම්භ කරන ලදී.

ඒ අනුව එම දරුවන් 200 දෙනාට අධ්‍යාපනයට අවශ්‍ය සියලු දේ ලබා දෙමින් නිවැරැදි මාවත කරා යොමුවන තෙක් දිගිගින් දිගටම සොයා බැලීමක්ද සිදුවේ. ඔවුන් නොකඩවා පාසල් යනවාද, අතර මග නවතීද සියල්ල සොයා බලයි . මේ සඳහා ප්‍රජා පොළිස් කොට්ඨාසය භාර නිළධාරීන් විසින් ඉතාමත් කැපවීමෙන් කටයුතු කරනු ඇත .

ළමුන් 200 ක් වෙනුවෙන් ජනපති ගෝඨාභයගේ සංකල්පය මල් පල ගන්වමින් ආරම්භ වූ මෙම වැඩසටහනෙහි වටිනාකම මිල කල නොහැකි බව කිවයුතුමය.

දෙමාපියන්ගේ අකටයුතුකම් හමුව්‍රෙ අසරණ වූ දරුවන්ගේ ජීවිත අකාලයේ පොළොවට බරක් නොවී ජීවත් වන්නට සහ යහපත් පුරවැසියන් ලෙස ලෝකය දකින්නට මඟ සැලසූ වත්මන් රජය ප්‍රමුඛ ජනපති ගෝඨාභයට ත් ශ්‍රී ලංකා පොළිසිටත් සියලු ගෞරවය හිමි විය යුතුය .

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan