කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(04) බෙයිජිං නගරයේදී පැවති චීන – පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේදී. පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා ද ඊට එක්ව සිටියා.

වෙනිසියුලාවේ තත්ත්වය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ද Wang Yi මහතා එහිදී සඳහන් කළා. ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කරන බවට තර්ජනය කිරීමට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන අතර, එක් රටක කැමැත්ත පරිදි තවත් රටක් අනතුරට ලක් කිරීමට චීනය දැඩිව විරුද්ධ වන බව ඔහු කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු ආරක්ෂා කරමින් අනෙකුත් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරන හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට චීන-පාකිස්ථාන දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...

වසර තුනක කඳුළු බලාපොරොත්තුවට නිමාවක්!

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ):වසර තුනක් පුරා හදවතේ සඟවාගෙන...