කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

Date:

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(04) බෙයිජිං නගරයේදී පැවති චීන – පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේදී. පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා ද ඊට එක්ව සිටියා.

වෙනිසියුලාවේ තත්ත්වය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ද Wang Yi මහතා එහිදී සඳහන් කළා. ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කරන බවට තර්ජනය කිරීමට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන අතර, එක් රටක කැමැත්ත පරිදි තවත් රටක් අනතුරට ලක් කිරීමට චීනය දැඩිව විරුද්ධ වන බව ඔහු කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු ආරක්ෂා කරමින් අනෙකුත් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරන හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට චීන-පාකිස්ථාන දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...