ආත්මාර්ථකාමී නොවන මනුෂ්‍ය සම්බන්දතා නොමැත …

පහුගිය අවුරුදු දහය ඇතුලේ බලපු ෆිල්ම් වල තියන හදවතට දැනෙනම ‘මනුෂ්‍ය සම්බන්දය’ මොකක්ද කියල ඇහුවොත් මම එකටම වගේ කියන්නේ Green Book (2018) ෆිල්ම් එකේ ටෝනි (වැලලෝන්ගා) සහ ඩොන් ෂර්ලි අතර සම්බන්දෙ කියල. මනුෂ්‍ය සම්බන්දතා ඇතුලේ අපූර්වත්වයෙන් ඔබ්බට ගිය ආශ්චර්යමත් දෙයක් තිබෙනවා කියල අපි හිතනවා නම් මේ සම්බන්දෙ මට අනුව එහෙම එකක්.

අපි පටන් ගන්න හදන ගමන (journey) අපිට සමහර විට තනියම යන්න වෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට තව කෙනෙක් නැත්නම් කිහිප දෙනෙක් එක්කත් යන්න වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගමන ගොඩක් පහසු වෙනවා මේ චාරිකාව ඇතුලේ ”අපි කවුද” කියන එක තේරුම් බේරුම් කරගත්ත නම්.

ඒ තේරුම් ගැනීම කරන්න පුළුවන් වෙන්නේ තමන් තමන්ගේ කොටස වෙනුවෙන් ඇත්ත නියෝජනයක් කරනකොට (representation). ටෝනි ලිප් නැත්නම් වැලලොන්ගා තමන් කවුද කියන එක හංගන්නේ නැහැ වගේම ඩොන් ෂර්ලිත් පුළුවන් විදියට එයා කවුද කියන එක වෙනුවෙන් පෙනී සිටිය.

ඒ දෙන්න හම්බ වෙන්නේ අනන්‍යතා දෙකක් ඇතුලේ අසමාන්තර විශ්වයක. යන්නේ ගමන් දෙකක්. තියෙන්නේ ජීවිත දෙකක්. විශ්වයන් දෙකක් ඇතුලේ. දෙන්නගෙම කටුව ඝනකමයි. විනිවිදින්න බැරිතරම්. ආරම්භයේ දෙන්නගෙම දකින්න පුළුවන් යම් ”නො-මිනිස්” බවක් (non-human).

ටෝනි කල්ලන්ව හෙලාදැක්ක කෙනෙක්. ඩොන් ෂර්ලි සුද්දෝ දිහා සැකෙන් බලපු කෙනෙක්. දෙන්නගෙම ලොකු ඊගෝ (ego) දෙකක් තිබ්බ.

නමුත් අමාරුවෙන් කට්ට කාගෙන මේ අසමාන්තර විශ්වයන් දෙක හමුවෙන තැන තමයි පුදුම ලස්සනක් ජනිත කරන්නේ.

අවසානයේ දෙන්නගේ හමුවීම විසින් දෙන්නවම පරිණත කරනවා (maturity). මනුෂ්‍ය කරනවා (humanize). තිබෙන තත්වයෙන් වෙනත් තත්වයක් කරා ගමන් කරනවා (transcend). වෙනත් විඥාණයක් ලබා ගන්නවා (consciousness). ක්‍රමක්‍රමයෙන් තමයි දෙන්න ”මිනිස්” බවට පත්වෙන්නේ.

ඒ හමුවීම උත්කර්ෂවත් ගතියක් ජනිතකරනවා. අපිට ගොඩක් වෙලාවට හමුනොවන්නේ හෝ මඟහැරෙන්නේ මේ මිනිස් උත්කර්ෂය (sublimation). ඒකයි අපේ ලෝකේ සම්බන්දතා නීරස….

අවම වශයෙන් The Silence of the Lambs එකේ මිනීමරු හැනිබල් ලෙක්ටර් සහ FBI ඒජන්ට් ක්ලැරිස් අතරේ පවා මේ ”මිනිස් -නොමිනිස්” උත්කර්ෂය දකින්න ලැබුණා. නමුත් අපේ උසස් මධ්‍යම පන්තියේ එකෙක් ළඟවත් ඒක දකින්න නැහැ.

හැම සම්බන්දයකම අහම (ego) තියනවා. ඒ වගේම ඒ අහම අහෝසි වෙන වෙලාවකුත් තියනවා (non-ego). Green Book කියන්නේ ඒකට හොඳ උදාහරණයක්.

ආත්මාර්ථකාමී නොවන මනුෂ්‍ය සම්බන්දතා තියෙන්න බැහැ කියල කියනවා නීට්ෂ (Human, All Too Human, 1878).

කතාකරමු…

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...