සාගත කතාව ගෝනිබිල්ලෙක්. සිංගප්පූරුවේ හාල් නිෂ්පාදනය නොකළාට මිනිස්සු බඩගින්නේ ඉන්නවාද ? – මහින්දානන්ද

Date:

ආහාර හිඟයක් ගැන කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවත් සිංගප්පූරුව, ඩුබායි වැනි රටවල එක සහල් ඇටයක්වත් නිෂ්පාදනය නොකළ ද එම රටවල ජනතාවට බඩගින්නේ සිටින්නට සිදුව නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“ආහාර හිඟයක් ඇති වෙනවාලු. රටේ ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරනවා … දැන් ඩුබායිවල ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කළොත් මොකක්ද කියන්නෙ ? එක හාල් ඇටයක් නිෂ්පාදනය කරනවාද ඩුබායි ? සිංගප්පූරුවෙ ? ඩුබායිවල මිනිස්සු බඩගින්නෙ ඉන්නවද ? සිංගප්පූරුවෙ මිනිස්සු බඩගින්නෙ ඉන්නවද ?

ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම්, දැනුත් අපි පිටරටින් ගේනවා ආහාර වර්ග, අපි අඩුපාඩු ටික ගේන එකයි තියෙන්නෙ. ඒක නිසා නිකම් ගෝනි බිල්ලො මවනවා මේ රටේ”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ පොස්පේට් සමාගමට වසර 50ක් සපිරීම වෙනුවෙන් ඊයේ (05) පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...