වයස මාස 6 -9 දරුවන්ට සරම්ප අතිරේක එන්නත් මාත්‍රාව ලබාදීම ඇරඹේ..

පැතිරී යන මාරාන්තික සංකූලතා ගෙනදිය හැකි සරම්ප රොගයෙන් කුඩා දරුවන් මුදාගැනීම සඳහා අතිරේක එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩඩටහනක් අද එනම් ජනවාරි 6 දිස්ත්‍රික් නවයක් තුල ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය නිවේදනය කරයි.

මේ සඳහා අද සවස 4 ට පෙර ලඟම එන්නත්කරණ මධ්‍යස්ථානවලට යොමුවිය යුත්තේ 2023 අප්‍රේල් 7 සිට ජූලි 5 ( ඒ දින 2 ද ඇතුලත්ව) උපන් දරුවන්.

එන්නත් ලබාදෙන අවදානම් සෞඛ්‍ය දිස්තික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ සඳහන් වෙනවා.

කලින් සරම්ප රෝගය වැළඳී තිබීම එන්නත ලබාගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...