නව බදවාගැනීම් නතර කරන්න – ඇමති කංචන ලංවිමෙ සභාපතිට ලිපියකින් දන්වලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 06 කොළඹ (LNW): ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් , සියලුම නව බදවාගැනීම් නතර කළ යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පිය පුතු පදනම මත සේවකයින් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සිදුවන මොහොතක කිසිම සේවකයෙකු බඳවා ගැනීම අමාත්‍යංශයේ පූර්ව අනුමැතියකින් තොරව සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම සේවකයන් ලබාගෙන ඇති ණයවල වාරික මත විදුලිබල මණ්ඩල ගෙවන පොලී අනුපාත සම්බන්ධයෙන් වූ පැමිණිලි සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...