පළමු තරගයටත් වඩා පහසුවෙන් දෙවන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යෞවනියන්ට හැකි වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 07 ,(LNW)කොළඹ :

පිට පිටම ගෙවුණු දින දෙකකදී දෙවන වරටත් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම අවුරුදු 19 න් පහළ පංගලාදේශ කන්ඩායම පරාජයට පත් කළේය.පළමු ජයට වඩා පහසුවෙන් සිඳු කළ දෙවන පරාජයේදී ශ්‍රී ලංකාවට ලකුණු 65 ක ජයක් හිමි විය.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 125 ක් රැස් කරන්නට සමත් විය.ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව අහිමි කර ගත්තේ කඩුලු 4 ක් පමණි.සුපුරුදු පරිදි ආරම්භක කඩුල්ලේ සබඳතාවය සාර්ථක නොවීය.එම ස්ථානයට එක් හිස් තැනකට මනුදි,රශ්මිකා හෝ සුමුදු නිසංසලා කැඳවීම වැදගත් වනු ඇත.විශේෂයෙන් එම අවස්ථාව රශ්මිකාට හෝ මනුදි ට ලැබෙන්නේනම් වැදගත්ය.


ඉක්මණින් දැවී යාම හෝ වැඩි පන්දු ගණනක් නිලකුණු බවට පත් වීම නිරන්තරයෙන් සිඳුවන බැවින් තරමක් වේගයෙන් පහර දෙන එක් අයෙක් ආරම්භයට යෙදීම ගැන සිතීම වැදගත්ය.දැහැමි සෙනෙත්මා කල්පනාවෙන් ඉණිම ගොඩ නැඟිය හැකි බව දෙවන තරගයේදී ද පෙන්වා දුන්නාය.ලකුණු 2 ට කඩුලු 2 ක් අහිමි වූ පසු දැහැමි කල්පනාවෙන් පන්දු 45 ට ලකුණු 50 ක් රැස් කළ මනුදි ට වේගයෙන් පහර දීමට ඉඩ ලබා දෙමින් තෙවන කඩුල්ලට ලකුණු 59 ක සබඳතාවයක් ඇති කරන්නට දායකත්වය දෙමින් ලකුණු 25 ක් රැස් කළාය.
රශ්මිකා පන්දු 22 දී ලකුණු 27 ක් ලබා නොදැවී සිටියාය.ඇය මනුදි සමඟ සිව්වන කඩුල්ලට ලකුණු 38 ක් ද,පස්වන කඩුල්ලට සුමුදු සමඟ නොබිඳි ලකුණු 26 ක් ද එක් කරන්නට සමත් වූවාය.සුමුදු නිසංසලා අවසාන මොහොතේ වේගවත් ලකුණු 13 ක් එක් කර දුන්නේ පන්දු 8 දී ය.


පිළිතුරු ඉණිම බංගලාදේශයට පහසු වූයේ නැත.චමෝදි ප්‍රබෝධා (බට්ටි) ආරම්භයේ සිටම බංගලාදේශයට තර්ජනය කරන්නට විය.ඇයට නොදෙවැනිව අශේනි තලගුණේ ද ක්‍රියාත්මක වන්නට විය.චමෝදි ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගනිද්දී,අශේනි ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගත්තාය.ලිමිනි තිලකරත්න විසින් ලකුණු 14 ට කඩුලු 2 ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 5 ට එක් කඩුල්ලක් දවා ගන්නට සමත් විය.
බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ සාදියා අක්තාර් ලකුණු 18 ක් රැස් කළ අතර ඇය හැරෙන්නට බංගලාදේශ පිළේ ඉලක්කම් දෙකක අගයක් රැස් කළ එකම පිතිකාරිය වූ ෆර්ජානා එස්මින් ලකුණු 10 ක් ලබා ගන්නට සමත් විය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...