*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

යනවා යනවා කිව්වාට පී. බී. ටත් යන්න බෑ බෑ වගේද ?

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී ය. ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව ජයසුන්දර මහතා දෙසැම්බර් 27 වනදා සිට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි රාජකාරියට වාර්තා කළේ ද නැත. ඔහු සිටියේ කුරුණෑගල, නිකවැරටියෙහි සිය නිවසට වී ය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වී සිටින අතරතුර පී.බී. ජයසුන්දර මහතා ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විශේෂ රැස්වීමකුත් පවත්වා තිබීම ජනාධිපති කාර්යාලයෙහි නිලධාරීන් අතර විමතියට හේතුවී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ජයසුන්දර මහතා ඊයේ පැවැත්වූ රැස්වීමට අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක්, ජනාධිපතිවරුන් කාර්යාලයේ අතිරේක ලේකම්වරුන් පිරිසක් මෙන්ම විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් ද කැඳවා තිබී ඇති අතර එහිදී තමන් ධුරයෙන් සමුගැනීම පිළිබඳව වචනයෙන් හෝ ඇඟවීමක් සිදුකර නොමැත. ඊට ප්‍රතිපක්ෂ ලෙස තවත් දීර්ඝ කාලයක් තමන් ධුරයෙහි කටයුතු කරන බවක් ඇඟවෙන ආකාරයෙන් එම නිලධාරීන්ට විවිධ නියෝග ලබාදීමක් ද සිදුකර තිබේ.

මෙම රැස්විම අතරතුර ද එහි පැමිණි ලේකම්වරුන් මුහුණෙන් මුහුණ බලාගනිමින් පසුවී ඇති අතර රැස්වීමෙන් අනතුරුව ද ඔවුන් අතර සාකච්ඡා වී ඇත්තේ මේ සිදුවන්නේ කුමක්ද යනුවෙනි.

පී. බී. ජයසුන්දර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණේ ජනවාරි 31 වනදා සිට තමන් විශ්‍රාම යන බවකි. එහෙත් ඔහු අවම වශයෙන් ජනවාරි 03 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කාර්යාලයේ නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටවත් පැමිණ සිටියේ නැත. මේ අතර ජනාධිපතිවරයා සිය ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාට දැනුම් දී ඇත්තේ පී.බී. ජයසුන්දර මහතාට ජනවාරි 31 නොව ජනවාරි 15 වනදා වනවිටවත් ධුරයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙසය. තමන්ට නව ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතාව පත් කරගෙන ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍ය නිසා මෙසේ කලින්ම ධුරයෙන් ඉවත් වන්නැයි පී.බී. ජයසුන්දර මහතාට දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා පවසා ඇති අතර ලලිත් වීරතුංග මහතා එම පණිවිඩය ද ජයසුන්දර මහතාට ලබාදී ඇති බවත් වාර්තා විය.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ජයසුන්දර මහතා සිය හැසිරීමෙන් පෙන්නුම් කර ඇත්තේ ධුරයෙන් ඉවත් වීමට තමන්ට වුවමනාවක් නොමැති ආකාරයක් බවයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පැවසුවේ.

ඇත්තෙන්ම මීට පෙර අවස්ථා ගණනාවකදීම පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත් වෙන බව කියා තිබුණු නමුත් ඔහු ඉවත්ව ගියේ නැත. මීට පෙර එක් අවස්ථාවකදී ද ඔහු ඉල්ලා අස්වීමේ ලිපියක් පවා ජනාධිපතිවරයා වෙත යොමුකර තිබිණි. එහෙත් ඔහු තනතුරින් ඉවත් වූයේ නැත. ඒ අනුව මෙවරත් අවසානයේ පී. බී. ඉවත්ව නොයනු ඇත්දැයි කටකතාවකුත් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර යමින් පවතී.

පී. බී. ජයසුන්දර මහතා පසුගිය දිනවල සිය කුරුණෑගල නිවසට වී සිටින අතරතුර පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් තමන් රජයේ වෙනත් කිසිදු තනතුරක් භාර නොගන්නා බවටත් තම අත්දැකීම් අළලා පොතක් ලියන බවටත් වාගාඩම්බර දොඩා තිබිණි. එහෙත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ බලය යනු කාටවුවත් ලේසියෙන් අත්හැරිය හැකි දෙයක් නොවනා බවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේ සිට දිගටම ආණ්ඩුවල ඉහළම බලයක් අභ්‍යාස කළ ජයසුන්දර මහතාට ඒ තත්වය අහිමි වූයේ 2015 – 2019 යහපාලන ආණ්ඩු සමය තුළ පමණි. ඒ හැර දශක දෙකක පමණ කාලයක් ඔහු ජීවත් වුණේ ඉහළම මට්ටමේ රාජ්‍ය බලයක් සහිතව ය. ඒ අනුව මෙවරත් යනවා යනවා කීවාට අවසන් මොහොතේදී ඔහුට බෑ බෑ කියා සිතෙනවාදැයි පැහැදිලි නැත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan