විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් – මෛත්‍රීට පොහොට්ටුවෙන් පිළිතුරු

Date:

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමුතු වචන හරඹයන් තුළ ගැබ්ව ඇති වෙනත් අරමුණු ඉටුකර ගැනීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරයි.

“අහෝ ඛේදයකි ! මොකද, මේ රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා ඉන්න කාලෙ සිදුවෙච්ච සිද්ධි පිළිබඳ මේ රටේ ජනතාවට ලොකු අවබෝධයක් තියෙනවා. මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නෑ. අමුතු වචන හරඹයන් දාලා, පාවිච්චි කරන වචන තුළ මං හිතන්නෙ ගැබ්වෙලා තියෙන්නෙ වෙනත් අරමුණු. ඒ අරමුණු ඉටු කරගන්නට නම් අපේ කණ්ඩායම ඉන්නතුරු හැකියාවක් ලැබෙන්නෙ නෑ. අපි කියන්නෙ විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් කියන කතාව තමයි කියන්න සිද්ධ වෙන්නෙ”

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකළ දැඩි ප්‍රහාරාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ (06) බේරුවල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...