චීන පොහොර නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීම අද

ප්‍රශ්නගත චීන කාබනික පොහොර නෞකාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් අද දිනයේ (07) ගෙවීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය ඉවත් කිරීම හේතුවෙන් අදාළ චීන සමාගමට එම මුදල ගෙවන බවයි මහජන බැංකුව පවසන්නේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ චීන කාබනික පොහොර සමාගම සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම මුදල ගෙවා දමන අතර ප්‍රමිතියෙන් යුතු පොහොර සැපයීමට එම සමාගම එකඟවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙම පොහොර නෞකාවට ගෙවීම් කිරීම අත්හිටුවා තිබුණේ එහි අහිතකර බැක්ටීරියා අඩංගු බව මෙරට ශාඛ නිරෝධායන සේවය මගින් කළ සාම්පල් පරීක්ෂාවකදී අනාවරණය වීම නිසාය. කෙසේවෙතත් පසුකාලීනව විදේශීය රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකින් ප්‍රකාශ වී තිබුණේ එහි අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...