අප්‍රේල් වෙද්දි සහල් කිලෝවක අවම මිල 300 ක් විතර වෙන්න පුලුවන් – සහල් නිෂ්පාදකයන්

Date:

එළඹෙන මාසය වනවිට රටතුළ විශාල සහල් හිගයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. මේ වනවිට ගොවීන් සතුව මෙන්ම සහල් නිෂ්පාදකයන් සතුවද ප්‍රමාණවත් සහල් තොග නොමැති බවයි එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.

පොහොර හිගය හේතුවෙන් මහ කන්නයේදීද ප්‍රමාණවත් අස්වැන්නක් බලපොරොත්තු විය නොහැකි බවත් ඒ අනුව ඉදිරි කාලය තුළදී සහල් මිලදී ගැනීම සඳහාද දැඩි පෝලිම් දක්නට ලැබෙනු ඇති බවත් මුදිත් පෙරේරා වැඩිදුරටත් පවසනවා.

ඉදිරි කාලයේදී ඇතිවන සහල් හිගය පිළිබඳව නිවැරදිව ගණනය කර ආරක්ෂිත සහල් තොග තබා ගැනීමට හෝ සහල් ආනයනය කිරීමට හෝ ආණ්ඩුව කටයුතු කළයුතු බවද සභාපතිවරයා පෙන්වා දෙනවා. මෙම වසර තුළදී අවම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 08-10 අතර ප්‍රමාණයක් ආනයන කිරීමට සිදුවනු ඇති බවයි ඔහු පවසන්නේ.

දැනට වෙළඳපොලේ රුපියල් 165-170 අතර මිල ගණන්වලට අලෙවි වන නාඩු සහල් කිලෝවක තොග මිල ඉදිරි සති කිහිපය තුළ රුපියල් 20-25 අතර ප්‍රමාණයකින් ඉහළ යාහැකි අතර ඒ අනුව නාඩු සිල්ලර මිල 200 සීමාවට ලඟා වනු ඇත. අවම මිලකට මිලදී ගත හැකි රතු කැකුළු සහල් මිලද මේ වනවිට 150 සීමාවට ලඟා වී තිබේ.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ සිංහල අවුරුදු සමය වනවිට සහල් කිලෝ එකක මිල රුපියල් 300 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...