රැජින වෙනුවෙන් කාසියක්

Date:

රාජකීය ටංකනය (Royal Mint)විසින් රැජිනගේ අශ්වාරෝහක රැව ඇතුළත් සමරු 50p කාසියක් එළිදක්වා ඇත.

මෙම කාසිය රැජිනගේ Platinum Jubilee අනුස්මරණය කරන අතර ඇය සිංහාසනයේ වසර 70 ක් කාලයක් සනිටුහන් කරයි.ජෝන් බර්ග්ඩාල් විසින් නිර්මාණය කරන ලද මෙම කාසිය ,රැජින විසින් පුද්ගලිකව අනුමත කරන ලද කලා කෘති ගොන්න තුල ඇයගේ “සොබාදහමට ඇති ඇල්ම” නියෝජනය කරන්නක්.

රාජකීය උත්සවයක් සැමරීම සඳහා එකතු කළ හැකි 50p කාසියක් ටංකනය කළ පළමු අවස්ථාව මෙයයි.

මෙම ජුබ්ලි සැමරුම් උත්සවයේ කොටසක් ලෙස The Royal Mint වෙතින් special Jubilee edition of The Queen’s Green Canopy Junior Forester අභියෝගය සම්පූර්ණ කරන දරුවන්ට කාසි 7,000ක් තෑගි කරයි.රාජකීය වන විද්‍යා සංගමය(the Royal Forestry Society) සමඟ එක්ව ක්‍රියාත්මක වන මෙම සම්මානය, “ගස්වල ප්‍රයෝජන ගැන ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාව තුළ වනාන්තර කළමනාකරණයට සහය වීමට තරුණයින් පෙළඹවීම” අරමුණු කරගෙන සිදු කරයි.එය පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස රැජිනගේ අවධානයට ලක් වූ ව්‍යාපෘතියකි.

SAHAN HEWAGAMAGE OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...