කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට ඔක්තෝබර් 06 වැනිදා අධිකරණයේ පෙනීසිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේකර නොතීසි නිකුත් කර තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් ඉදිරිපත් කළ කරුණු සළකාබැලිමෙන් අනතුරුවය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රන්දවුම්භාරයේ පසු වූ ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඔහුගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.
ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍ය මණ්ඩලයක් විසින් නිකුත් කරණු ලැබූ වාර්තාවට අනුවය.
පසුගිය 22 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ සුරේෂ් සලේ මහතා දින 100කට අධික කාලයක් රෝහල්ගතව සිටින බවයි.
එහිදී සුරේෂ් සලේ තවදුරටත් රෝහලේ රඳවා තබන්නේද යන්න සම්බන්ධයෙන් ලබන 28 වැනිදා වෛද්‍ය මණ්ඩලයක් රැස්වීමට නියමිත බවද අධිකරණයේදී අනාවරණය විය.


