බුද්ධිමතුනි රට අතහැර යන්න එපා. අපි එකතු වෙලා රට හදමු – විපක්ෂ නායක සජිත් ඉල්ලයි

Date:

මේ වන විට රටේ බුද්ධි ගලනය ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් එබැවින් රට හැර යාමට සූදානම් බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ රට අතහැර නොයන ලෙසත් පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් අන්ධකාරය තුළින් මතුවන රිදී රේඛාවක් වගේ දක්ෂ, කඩිසර, ලක්ෂ 220ක් වූ ජනතාවගේ සාමූහිකත්වය වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (3) කොළොන්නාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 57 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සක්වල වැඩසටහනෙන් සිදුවන වැදගත්ම අංගය වන්නේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම බවත් එය ඕනෑම රටක දියුණුවේ ලක්ෂණයක් වුවත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ අප රටේ ඇත්තේ යල්පැණ ගිය, ලෝක අභියෝගවලට උචිත නොවන ගරා වැටෙන අධ්‍යාපනයක් බවත් මෙම අභියෝග හඳුනා ගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොරෝනා වෛරසය නිසා එක් පැත්තකින් රට අකර්මන්‍ය වන විට පාලකයන්ගේ දූෂණ වංචා නිසා රට තවදුරටත් බංකොළොත් වූ බවත් එවැනි බංකොලොත් රටක් ඉදිරියට යා හැක්කේ ශ්‍රී ලංකා ෆස්ට් යන සංකල්පය තුළින් බවත් මේ ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ ලොව පළමු තැනට ශ්‍රී ලංකාව ගෙන ඒම බවත් ඒ සඳහා සුහුරු පුරවැසියෙක්, සුහුරු තාරුණ්‍යයක් සහ සුහුරු පාසල් සිසු දූ දරුවන් පිරිසක් නිර්මාණය කළ යුතු බවත් එය ජාතික වශයෙන් අතිශය වැදගත් වැඩසටහනක් බවත් ඒ තුළින් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කර ලෝකයේ ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන මිනිස් සම්පතක් නිර්මාණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ සඳහා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය මෙන් ම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව පුහුණු කර රටේ පාසල් සියල්ලකගේම ඉංග්‍රීසි භාෂාගාර ඇති කළ යුතු බවත් ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

මීට අමතරව හරිත ආර්ථිකයක්, සමුද්‍රීය සම්පත කේන්ද්‍ර කර ගත් නීල ආර්ථිකයක් ඇති කර යුතු බවත් එය වචනවලට සීමා නොවී මහපොළොවේ ක්‍රියාත්මක විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කයිවාරු ගහන අයට වඩා ප්‍රතිඵල කේන්ද්‍රීයව වැඩක් කළ හැකි නිපුණතාව, දක්ෂතාව, කුසලතාව ඇති පිරිසකට රට බාර දිය යුතු බවයි.

රටේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කරන්න රජයට, අධ්‍යාපනය ඇමතිවරයාට නොහැකි වුවත් විපක්ෂයේ සිටින තමාට ඒ හැකියාව ඇති බවත් රාජ්‍ය බලයක් නොමැතිව බස් 57ක් ලක්ෂ 2742ක් වියදම් කර ලබා දුන් බවත් පැවසූ හෙතෙම කියා සිටියේ වැඩ බැරි කණ්ඩායම් මෙවනි වැඩසටහන් ක්‍රියාත්මක කරන විට පහත් ලෙස විවේචනය කරන බව යි.

තමා 2019 ජනාධිපතිවරයේ දී පොරොන්දුවක් ලෙස පාසල් නිල ඇදුම් කට්ටල 2ක් සහ සපත්තු දෙන බවට කියූ විට සූරයෙක් අවශ්‍යයැයි කියා වෙනත් පුද්ගලයකු පත් කර ගත් බවත් එම සූරයා මේ වන විට රටේ සම්පත් සූරා කා රටින් පවා පිටව ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...