*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ලෝක සූරතාවය ගේන්න යන විශ්මිගේ කෙළි රෑන

පළමුවරට සංවිධානය වෙන අවුරුදු 19න් පහළ කාන්තා ලෝක ක්‍රිකට් කුසලානයේ දී ශ්‍රී ලංකාවමෙහෙයවීමේ වගකීම පැවරී තිබෙන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්නට යි.එම ඓතිහාසික අවස්ථාව ගැන සතුටුවන අතරේම ඇය පවසන්නේ සිය කණ්ඩායම සිටින්නේ ලෝක සූරතාවය ජය ගත හැකි මට්ටමක බවයි.
විශ්මි පවසන්නේ තමන්ට හොඳ පිතිකරු බල ඇණියක් සහ පන්දු යැවීමේ බල ඇණියක් සහිත කණ්ඩායමක් සිටින බවය.පන්දු රැකීමේදී ද සිය කණ්ඩායම ඉතා හොඳින් එම කාර්යය ඉටු කරන බව විශ්මි පවසන්නීය.
අපිට ලෝක සූරතාවය දිනන්න පුළුවන්
නායිකාවක් හැටියට ඇය සටන්කාමීව සහ විශ්වසනීයත්වයෙන් යුක්තව පවසන මේ වචනවල ඇති එඩිතරකමට සහතික දෙන්නී කණ්ඩායම් පුහුණුකාරී ශෂිකලා සිරිවර්ධනය.
ඇත්තටම එයාල හරි සටන්කාමීයි.
සටන්කාමීත්වයම ජයග්‍රහණයේ ලකුණක්ය.මේ වන විට කොළඹ අවුරුදු 15 න් පහළ ක්‍රීඩකයන්ට මෙන්ම ජාතික කාන්තා නැගී එන කණ්ඩායමට මුහුණ දී තරග අත්දැකීම් ලබා ගෙන ඇති පාසල් ක්‍රීඩිකාවෝ බොහෝ දෙනෙක් සුපිරි හතර දෙනාගේ කණ්ඩායම්වලට ක්‍රීඩා කළහ.එම තරගවලදීද මේ ක්‍රීඩිකාවන් ඉහළ දක්ෂතා දක්වමින් කළ දේවල් ගැන ශෂිකලාගේ ඇත්තේ බලාපොරොත්තුය.එහිදී දක්වන සටන්කාමි තරග රටාවන් සම්බන්ධයෙන් වූ විශ්වාසයන්ය.
ශ්‍රී ලංකාව තරගාවලියේ කාණ්ඩ හතරකට බෙදා පවත්වන තරගවලදී “ඒ” කාණ්ඩයෙන් තරග වදියි.එම කාණ්ඩයට ඇමෙරිකා එක්සත් ජනපදය,බංගලාදේශය සහ ඕස්ට්‍රේලියාව අයත් වෙයි.තරගාවලිය අලුතෙනම් ආරම්භ න බැවින් කිසිඳු කණ්ඩායමක් සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට පැමිණීමට නොහැකි වුවත්,ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවකගේ මඟ පෙන්වීම ලැබීම මෙන්ම මෑත කාලයේ ඇයට නොදෙවැනි දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩිකාවන් සිටින බව ද දැක් ගන්නට ලැබුණු බැවින් මේ සහභාගි වන කණ්ඩායම දක්ෂ බවට ඇති පූර්ව දැන හැදිනීම ගැන අපි විශ්වාසයෙන් පසුවෙමු.
කණ්ඩායමට විශ්මිට අමතරව ගම්පහ රත්නාවලිය නියෝජනය කරමින් උමායා රත්නායක,දෙව්මි විහංඟා සහ විදුශිකා පෙරේරා ද එක්ව සිටිති.රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරමින් එක්ව සිටින තිදෙනෙක්ය.ඔවුන්නම් රශ්මි නේත්‍රාන්ජලී,සුමුදු නිසංසලා සහ විහාරා සෙව්වන්දි ය.මාතර අනුර විද්‍යාලයෙන් රශ්මිකා සෙව්වන්දි,පමෝදා සහිනි සහ රිශ්මි සංජනා ද,මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයෙන් මනුදි නානායක්කාර සහ හරිනි පෙරේරා ද කණ්ඩාමට එක්ව සිටිති.කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමය නියෝජනය කරමින් කණ්ඩායමට තේරී සිටින්නී දැහැමි සනෙත්මා ය.වාද්දුව මධ්‍ය විද්‍යාලය නියෝජනය කරමින් නෙත්මි සේනාරත්න ද,නුගේගොඩ අනුලාවෙන් දුලංගා දිසානායක ද කණ්ඩායමට එක්ව සිටිති.
කණ්ඩායමේ පුහුණුකාරිය ශෂිකලා සිරිවර්ධන ජාතික කණ්ඩායමේ හිටපු නායිකාවක මෙන්ම ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවකද වන්නීය.ඔහුට සහය වන්නේ ජයතු නීලවීර ය.කණ්ඩායම් කළමණාකාරිය ලෙස ඉන්ද්‍රානි ආරියරත්න එක්වන අතර කණ්ඩායමභාර ගුරුවරිය ලෙස එක් වී සිටින්නේ හේමලතා ජයවර්ධනය .

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan