*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ෂීක් හසීනා පස්වන වරටත් බංග්ලාදේශයේ අගමැති වරම ඉල්ලයි

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 76 හැවිරිදි ෂීක් හසීනා පස්වන වරටත් බංග්ලාදේශයේ අගමැති වරම ඉල්ලන මහා මැතිවරණය අද(07) දිනයේදී බංග්ලාදේශයේ ආරම්භ විය.

ලෝකයේ අටවන වැඩිම ජනගහණයෙන් යුත් දරිද්‍රතාවයෙන් පෙළෙන රටක සුවිශේෂී ආර්ථික වර්ධනයකට මුලසුන ගෙන ක්‍රියාකළ හසිනාගේ අවාමි ලීගය හරහා ඇය මෙවරද අගමැතිධුරය වෙනුවෙන් තරඟ වදින අතර පාලක අවාමි ලීගය පක්ෂයට අවස්ථා කිහිපයකදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ අනුකම්පා විරහිත විපක්ෂයේ මර්දනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

පසුගිය මස මුලදී අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) ආධාරකරුවන් පුළුල්ව පැතිරුණු විරෝධතාවයක් සංවිධානය කළ අතර එහිදී හසිනාගේ රජය විසින් 25,000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගනිමින් ඉතා මර්ධනකාරී ලෙස උද්ඝෝෂණය යටපත් කරන ලදී. එවන් පරිසරයක බංග්ලාදේශ විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියේ හසිනා පස්වන වරටත් බලය අපේක්ෂා කරන මහ මැතිවරණය වර්ජනය කරන ලෙසයි.

නමුත්, හසීනා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඡන්දය ප්‍රකාශ කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය පෙන්වන ලෙසත්ය.

කෙසේ නමුත් ඩකා අගනුවර එක් ඡන්ද මධ්‍යස්ථානයක ඡන්දය ප්‍රකාශ කර පළමු මිනිත්තු 30 තුළ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තිදෙනෙකු පමණක් වන බවත් ජන්ද දායකයන් ඉතා මන්දගාමී ලෙස ජන්දය ප්‍රකාශ කරන බව වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජන්දදායකයන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, පාලක අවාමි ලීගයට ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළහොත් සුබසාධන ගෙවීම් සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය රජයේ ප්‍රතිලාභ කාඩ්පත් රාජසන්තක කරන බවට තර්ජනය කර ඇති බවයි.

මැතිවරණය සාමකාමිව පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් 175,000 ක් සහ අන්සාර් රක්ෂිත බලකායේ සාමාජිකයින් 515,000 කට වැඩි පිරිසක් යොදවා ඇති අතර අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ජන්ද ගණන් කිරීම බලාපොරොත්තු වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan