පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු – අද (08) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනි. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුල දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතී.

ඒ අනුව අද (ජනවාරි 08) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. (50-75) ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...