හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)

Date:

කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“මම නිකම් පොහොර දුන්නා, ඊට පස්සෙ සහතික මිල වැඩිකරලා දුන්නා වීවලට. කාබනික කියන්නෙ මේ නිකම් කොළ එකතුකරලා දාන එකක් නෙවෙයි, විශාල තාක්ෂණයක් ඒකෙ තියෙනවා. හැබැයි මම පිළිගන්නවා ඒක මේ ගොවි මහත්වරුන්ට ඇවිල්ලා තේරුම් කරලා දුන්නෙ නෑ මොකක්ද මේ කරන්නෙ කියලා. අස්වැන්න මුලදී මේකෙදි මම නම් හිතන්නෙ නෑ අඩුවෙනවායි කියලා, මේ පොහොර හරියට දැම්මා නම් ඒ අස්වැන්නම අපට ගන්න පුළුවන්. ඒක වස විසෙන් තොරයි. මෙන්න මේක තමයි මට කරන්න ඕනෙ වෙලා තියෙන්නෙ. මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි අවාසනාවකට අපේ අය ඇවිල්ලා ගොවි මහත්වරුන්ට තේරුම් කරලා දුන්නෙ නෑ මෙන්න මේකයි පොහොර වර්ගය, මේ විදියටයි පාවිච්චි කරන්නෙ කියන එක.

දැන් මම මේ යල කන්නයේදී හමුදාව පාවිච්චි කරනවා ඒකට. සමහර ඒවා ඇති කාබනික පොහොර අපට තවම පාවිච්චි කරන්න බැරි. ඒවාට ඔය යූරියා, අනිත් පොහොර වර්ග පුරුදු ඒවා ගෙනත් දෙන්න පුළුවන්. හැබැයි අපි ක්‍රම ක්‍රමයෙන් මේක කාබනික කරගන්නට ඕනෙ, මොකද මේ පොඩි ළමයින්ගේ ජීවිත දිහා බලලා. අපට ඒක කරන්න පුළුවන්, අපට අස්වැන්නත් ගන්න පුළුවන්, අපට ඒකට හොඳ මිලකුත් අරන් දෙන්නට පුළුවන්.

මම එනකල් එතනෝල් ගෙනාවා පිටින්. මම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා ඒක. එතනෝල් ගේන එක නැවැත්තුවාම අපේ සීනි කම්හල් ලාබ ලබනවා. මේ පිටින් හැමතිස්සෙම ගෙනල්ලා අපට කරන්න පුළුවන්කමක් නෑනෙ. අවුරුදු ගාණක් තිස්සෙ ආණ්ඩු ණයට අරගෙන, මම දැන් ණය ගෙවන්නත් ඕනෙ. ගොවි ජනතාවගෙ ආදායම් වැඩි කරන්න තමයි මම හැමතිස්සෙම මුල ආපු ගමන්ම පොහොර ටික අවුරුදු දෙකක් මම නිකම් දුන්නා නෙ. පොහොර කවුරුවත් නිකම් දුන්නෙ නෑනෙ. ඊළඟට වීවලට තිබුණු සහතික මිල මම වැඩිකරලා, දැන් අද හැම එකටම දැන් ගම්මිරිස් ගත්තත් මිල වැඩියි, හැම එකකටම වැඩියි නෙ. ඉතින් ඒක තමයි කරන්න ඕනෙ. හැබැයි ඉතින් මං ගැන විශ්වාසය තියන්න ඕනෙ ඕගොල්ලො”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් මුණගැසී ඔවුන් සමග අදහස් හුවමාරු කරගත් අවස්ථාවේදීය. ජනාධිපතිවරයා කෙරෙහි අනිවාර්යයෙන්ම විශ්වාසය තබන බවයි එම ගොවීන් එහිදී ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...

අපහසු තරගය පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව පහසු තරගය අපහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාව දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට...