13 වසරකට පසු ලසන්ත …. !!

Date:

යු යන්න
හල් ක යන්න
ති යන්න
ය යන්න

එකතු කර හැදෙන වචනයට
සසිරිබර මෙසිරිලික
මෙලෝ තේරුමක් නොමැති බව
යළි යළිත් අපට සිහිකර

ලසන්ත,
කැලැන්ඩර කොළ ගළවාන හමන
කාලයේ චණ්ඩ මාරුතය මැද
දැන්වත් සුව සේ නිදන්න ….

වෙන දේ බාරගෙන
ඕනෑම හු යන්නක් වුණාදෙන් කියාගෙන
වැල යන අතට මැස්ස ගහගෙන
අසරණ කමට මෙන්ම
වංචනික හිත රවටගන්නට
කවි ලියන අපට අනුකම්පා කර

දහතුන් වසක් තුළ
කවුරුත් දන්න ‘මහා අබිරහස’
බොරැල්ල කනත්තේ
හතර රියනට හිරකර

නිදන්න,
දැන්වත් සුව සේ නිදන්න …..

~ රුවන් නෙලූ

සංස්කාරක සටහන –

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර 13ක් සපිරේ. 2009 ජනවාරි 08 වනද දින උදෑසන, රත්මලාන අධි ආරක්ෂිත කලාපය සමීපයෙහිදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් විශේෂ ආයුධයකින් ඇන ඔහුව ඝාතනය කරනු ලැබිණි. මෙතෙක් ඒ පිළිබඳව කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති අතර මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවෙන ආකාරයක් පෙනෙන්නටවත් නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...