13 වසරකට පසු ලසන්ත …. !!

යු යන්න
හල් ක යන්න
ති යන්න
ය යන්න

එකතු කර හැදෙන වචනයට
සසිරිබර මෙසිරිලික
මෙලෝ තේරුමක් නොමැති බව
යළි යළිත් අපට සිහිකර

ලසන්ත,
කැලැන්ඩර කොළ ගළවාන හමන
කාලයේ චණ්ඩ මාරුතය මැද
දැන්වත් සුව සේ නිදන්න ….

වෙන දේ බාරගෙන
ඕනෑම හු යන්නක් වුණාදෙන් කියාගෙන
වැල යන අතට මැස්ස ගහගෙන
අසරණ කමට මෙන්ම
වංචනික හිත රවටගන්නට
කවි ලියන අපට අනුකම්පා කර

දහතුන් වසක් තුළ
කවුරුත් දන්න ‘මහා අබිරහස’
බොරැල්ල කනත්තේ
හතර රියනට හිරකර

නිදන්න,
දැන්වත් සුව සේ නිදන්න …..

~ රුවන් නෙලූ

සංස්කාරක සටහන –

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර 13ක් සපිරේ. 2009 ජනවාරි 08 වනද දින උදෑසන, රත්මලාන අධි ආරක්ෂිත කලාපය සමීපයෙහිදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් විශේෂ ආයුධයකින් ඇන ඔහුව ඝාතනය කරනු ලැබිණි. මෙතෙක් ඒ පිළිබඳව කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති අතර මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටුවෙන ආකාරයක් පෙනෙන්නටවත් නොමැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...