මර්වින් සිල්වා පොතුහැර දළදා මාලිගාවෙන් වැඩ අල්ලයි. සති දෙකෙන් කඩන්න නියෝගයක් !

Date:

මහනුවර දළදා මාළිගාවේ අනුරුවක ආකාරයෙන් කුරුණෑගල – පොතුහැර, වදාකඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන ස්ථානයට හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (07) පෙරවරුවේ කඩාපැන තිබේ.

මෙම ස්ථානයෙහි ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකෙරෙන බවට මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ම පොලිසියට පැමිණිලි ද ඉදිරිපත්ව තිබිණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා ද පොලිසියට දැනුම් දී තිබිණි.

මේ අතර සිය ආධාරකරුවන් පිරිසක් සමග එම ස්ථානයට කඩාවැදුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එම ස්ථානය අයත් බෝසත් සේනාධිපති නමැත්තාට නියෝග කළේ වහාම “බෝසත්” යන නම වෙනස් කරගන්නා ලෙසයි.

එසේම දළදා මාළිගාවේ හැඩයට පත්තිරිප්පුවක් එහි නිර්මාණය කර ඇති හෙයින් එය සති දෙකක් තුළ අනිවාර්යයෙන්ම කඩා ඉවත් කළයුතු බවට ද මර්වින් සිල්වා නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මැර දේශපාලකයකු වන මර්වින් සිල්වා කලක් තිස්සේ දේශපාලන කරළියෙන් පැත්තකට වීසි වී නමුත් මේ වනවිට ඔහු යළිත් සුපුරුදු ගමනට අවතීර්ණ වී ඇති බවක් පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...