මර්වින් සිල්වා පොතුහැර දළදා මාලිගාවෙන් වැඩ අල්ලයි. සති දෙකෙන් කඩන්න නියෝගයක් !

Date:

මහනුවර දළදා මාළිගාවේ අනුරුවක ආකාරයෙන් කුරුණෑගල – පොතුහැර, වදාකඩ ප්‍රදේශයේ ඉදිකෙරෙන ස්ථානයට හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (07) පෙරවරුවේ කඩාපැන තිබේ.

මෙම ස්ථානයෙහි ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකෙරෙන බවට මහානායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින්ම පොලිසියට පැමිණිලි ද ඉදිරිපත්ව තිබිණු අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා ද පොලිසියට දැනුම් දී තිබිණි.

මේ අතර සිය ආධාරකරුවන් පිරිසක් සමග එම ස්ථානයට කඩාවැදුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා එම ස්ථානය අයත් බෝසත් සේනාධිපති නමැත්තාට නියෝග කළේ වහාම “බෝසත්” යන නම වෙනස් කරගන්නා ලෙසයි.

එසේම දළදා මාළිගාවේ හැඩයට පත්තිරිප්පුවක් එහි නිර්මාණය කර ඇති හෙයින් එය සති දෙකක් තුළ අනිවාර්යයෙන්ම කඩා ඉවත් කළයුතු බවට ද මර්වින් සිල්වා නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මැර දේශපාලකයකු වන මර්වින් සිල්වා කලක් තිස්සේ දේශපාලන කරළියෙන් පැත්තකට වීසි වී නමුත් මේ වනවිට ඔහු යළිත් සුපුරුදු ගමනට අවතීර්ණ වී ඇති බවක් පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...