*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක වරයෙක් සජබට එක්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සෝමවංශ මහතා ඊයේ (07) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක් වී තිබේ.

කලක් බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය කටයුතු පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ සෝමවංශ මහතා එම කාල කාලවකවානුව තුල කැපී පෙනෙන වැඩ කටයුතු රාශියක් ඉටු කරනු ලැබීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා එවක කැපී පෙනෙන ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ද කටයුතු කොට ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණේ සභාපති, එක්සත් ශිෂ්‍ය පෙරමුණේ සභාපති ලෙසද කටයුතු කළ ඒ මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට ප්‍රවිෂ්ඨ විය.

1993 දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් පත්වූ ඒ මහතා බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ඇතුළු තනතුරු රැසක් දැරූ දශක ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති චරිතයකි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan