කොන්ත්‍රාත්කරුවන්ට, සැපයුම්කරුවන්ට බිල් නොගෙවා තමයි ඡන්දයක් තියන්න වෙන්නේ – ෂෙහාන්

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට ගියහොත් රටේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියට එයින් බාධා එල්ල විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“මේ නොපියවූ බිල්පත් රුපියල් බිලියන ගණනක් අපි රජය වෙත සැපයුම් කරපු සහ ඉදිකිරීම් කරපු කණ්ඩායම් වෙත ගෙවීමට තියෙනවා. ඉතින් ඒ පියවීම් සියල්ල පසෙකලා මේ මැතිවරණයට අවතීර්ණ වීමට සිදුවේවි අමාත්‍යාංශයක් හැටියට. රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යථාවත් වීමට අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. එතැනින් බැහැර වුණොත් මේ ඇතිවෙන ස්ථායීකරණයට සහ ජනතා බලාපොරොත්තුවලට කිසියම් බාධාවක් ඇතිවෙයි”

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...