ඊයේ (07) දිනට යුක්තිය මෙහෙයුමේ ප්‍රථිඵල!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): 2024.01.07 දින පැය 0030 සිට 2024.01.08 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී මුලු සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 39 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලිසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 31 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 51 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියා සිටී.

ඊයේ දිනයට අදාළ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 435 g, අයිස් 261 g, ගංජා 02 kg, 946 g , ගංජා පැල 58234 ක් , ගංජා සුරුට්ටු 12ක්, මාවා 3 kg , 903 g තුල් , 448 g මත්පෙති , 1403 ක්, ඈෂ් 118 g , මදන මෝදක ගුලි 41g

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇