ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ (LNW):

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. ඒ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි.

තවද, රුපියල් 1,500 ක දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළ බව සඳහන් වේ.

පොලීසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණේ, 2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංගනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...