හොර සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ගත් අයගේ විශ්‍රාම වැටුප අර්බුදයක – ඇමති වාර්තාවක් කැඳවයි!

Date:

කොළඹ LNW:ව්‍යාජ සහතික පෙන්වා සමෘද්ධියේ රැකියාව ලබාගත් අයගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ප්‍රත්පත්තිමය තීරණයක් ගැනීමට විෂය භාර අමාත්‍ය මාහාචාර්ය උපාලි පන්නිලගේ මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ වර්තාවක් සකස් කර කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම සඳහා අවධානය යොමුව ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයන්ට නිසි කලට විශ්‍රාම වැටුප් නොලැබීමේ ගැටළුව විසදීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ උපදෙස් මත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් චාමින්ද හෙට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍යංශ පරික්ෂයේදී ඊයේ දින පසුගිය 6 වනදා සාකච්ඡාවක් පවත්වන ලදී.

මේ වනවිට ලිපිගොනු විශාල ප්‍රමාණයක රාජකාරි කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් විශ්‍රාම ගත් සේවකයන් අපහසුවට පත්ව ඇති අතර කරුණු අධ්‍යනයකින් පසු හදුනාගත් හේතු වෙනුවෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයාගේ මගපෙන්වීම හා උපදෙස් ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වි තිබුණි.

පරිගණක දත්ත පද්ධතියේ ගැටළු ඇතුලු පරිපාලන ගැටලු කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඊට අමතරව සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්වීමෙන් පසු සේවක අර්ථසාධක අරමුදල වෙනුවට රජයේ විශ්‍රාම වැටුප ගනණය කිරීමේ දී ඇතිවූ ගැටළුද මෙහිදී අවධානයට යොමුවිය. ඊට අමතරව සේවයට බැදීමේදී ඇතැම් සේවයකයන් ව්‍යාජ සහතික ඉදිරිපත් කර තිබීම, ඌණ සුදුසුකම් ආදී ගැටළු ගනණාවක්ද මෙහිදී අවධානයට ලක්විය.

පරිපාලන ගැටළු විසදා ගැනීමත්, ගැටළු නොමැති ලිපිගොනු කඩිනම් කර ගැනීම සඳහා රාජකාරි විමධ්‍යගත කිරීමත් මෙහිදී යෝජනා වූ අතර ඒ වෙනුවෙන් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය නිලධාරි පුහුනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබා දීමටත් එකග විය.

මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක, අතිරේක ලේකම් (පාලන) රාධා නානායක්කාර, අතිරේක ලේකම් නාලිකා පියසේන, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චම්පික කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නිළධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...