නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW:
ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස සුපර් ලීග් තරගාවලියේ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දරන බ්ලූ කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.පළමු තරගයේදී ග්‍රේ කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක් ජයක් ලබා ගත් බ්ලූ කණ්ඩායම දෙවන තරගයේදී පළමු තරගයෙන් ලකුණු 33 ක විශිෂ්ඨ ජයක් ලැබූ ග්‍රීන් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 26 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.

සහභාගි වූ තරග දෙකම ග්‍රේ කණ්ඩායම පරාජයට පත් වී සිටින අතර ඔවුන් දෙවන තරගයේදී අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කරන පන්දු යවන්නියන්ගේ ග්‍රහණයට නතුව ලකුණු 17 න් රෙඩ් කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණා.ග්‍රේ කණ්ඩායම සතු ප්‍රබලතම ක්‍රීඩිකාව වන කවීශා දිල්හාරි පළමු තරගයේදී අසමත් වුව ද,දෙවන තරගයේදී ලකුඛු 107 ක ඉලක්කයක් හඹා යමින් රෙඩ් කණ්ඩායම පරාජයට පත් කිරීමට ගත් උත්සාහයේදි හුදෙකලා සටනක නිරතවෙමින් ලකුණු 45 ක් රැස් කරන්නට සමත් වුණා.

බ්ලූ ඛණ්ඩායම වෙනුවෙන් එහි නායිකාව වන හර්ෂිතා ද පළමු තරගයේදී මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියත් දෙවන තරගයේදී වගකීම උරමත ගෙන අගනා ලකුණු 45 ක් ලබා ගනිමින් ලකුණු පූවරුව කඩුලු 8 ට ලකුණු 132 ක් බවට පත් කිරීමට පෙරමුණ ගත්තා.එහිදී කව්ශිනි නෘත්‍යංගනා ද ලකුණු 32 ක් ලබා ගනිමින් නායිකාවගේ සහයට හොඳ ඉණිමක් දියත් කරනු ලැබුවා.

මෙම තරග දෙක නිමාවන විට දකින්නට ලැබුණ හොඳම පිතිකරණ ඉණි දියත් කරන්නට සමත් වුණේ ප්‍රශ්නගත ක්‍රීඩිකාවක වන විටිනි ද අල්විස් වන අතර ඇය පළමු තරගයේදී ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් රැස් කළ ලකුණු 63 නිසා මේ දක්වා තරගාවලියේ ඉහළම ලකුණු පූවරුව වන කඩුලු 6 ට ලකුණු 153 ක් දක්වා ග්‍රීන් ඉණිම ඔසවා තබන්නට ඔවුන්ට හැකි වුණා.ඇය විශිෂ්ඨතම ක්‍රීඩිකාවක ලෙස දස්කම් දැක් වුව ද,ඇයගේ මව තේරිම් කමිටු සාමාජිකාවක ලෙස රැදී සිටීමෙන් ඇයට ලැබදියාන් සම්බන්ධයෙන් ඇති කරන සැකය නරක එකක් බව කිව යුතුයි.රසාංජලි හිටපු නායිකාවක් මෙන්ම ඉතිහාසයේ කිසිවෙකුට සම කළ නොහැකි වාර්තාවන් තැබූ ක්‍රීඩිකාවක් ද බව අප ඇය පත් වූ අවස්ථාවේ ලියා තැබුවත්,සිය දුව ක්‍රීඩිකාවක ලෙස තේරීමට ඇය දායකවිම සදාචාරසම්පන්න නොවන තත්ත්වයක මාතෘත්වයේ සැබෑ ආදරය පෙන්වමින් දියණියට සිඳුවන අපහසුව ගැන සිතා ඇයි ඉවත්ව යා යුතුය යන්න මේ රටේ ක්‍රීඩා නීතිය අනුව ගත් විටද ප්‍රතික්ෂේප කළ නොහැකියි.

මේ තරගාවලිය නියෝජනය කරන ලාබාලත නායිකාව වන චමොදි ප්‍රබෝධා තමන් නායකත්වය දුන් පළමු තරගයෙන් රෙඩ් කණ්ඩායම පරාජයට පත් වුව ද,දෙවන තරගයෙන් සිය කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දෙන්නට පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වමින් මේ දක්වා තරගාවලියේ වාර්තා වූ හොඳම පන්දු යැවිම කරමින් ලකුණුු 10 ක් පමණක් ලබා දී කඩුුලු 4 ක් ලබා ගන්නට සමත් වුණා.

රන්දි ප්‍රේමරත්න බ්ලූ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 16 ට කඩුලු 4 ක් සහ රශ්මි සිල්වා ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 19 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.එහෙත් ලකුනු 10 ට කඩුලු 4 ක් දවා ගනිමින් චමෝදි හොඳම ඉණිමක පන්දු යැවීම සිඳු කරන්නට සමත්ව සිටිනවා.
පිතිතරණයේ දී හොඳම ඉණිම සහ මේ දක්වා වාර්තා වූ එකම අර්ධ ශතකය සිය නමට ලියා ගැනීමට විට්නි ද අල්විස් සමත්ව සිටිනවා.ඊට පසුපසින් හර්ෂිතා සමරවික්‍රම සහ කවීශා දිල්හාරි ලකුණු 45 බැඟින් ද,හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 40 ක් බ්ලූ කණ්ඩායමට එරෙහිව ග්‍රේ කණ්ඩායම වෙනුවෙන් ද එක් කරමින් පිතිකරණයේ හොඳම ඉණිම් සඳහා දායක වූවන් ලෙස ඉදිරියෙන් සිටිනවා.



