*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැණු අපි තීරණය කළා!

කොළඹ LNW:පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කිරීමට ගැහැණු අපි තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.

ඒ,ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

ඒ නිසා දුෂිත දේශපාලන සංස්කෘතියේ නියැලුණු සියලු දෙනා මෙම කාන්තා බලයට බිය විය යුතු බවයි ඇය පැවසුවේ.

මෙලෙස ගැහැණු අපි එකතු වී සිටින්නේ මේ රට මීට වඩා සාධාරණ, සමානාත්මතාවයට ගරු කරන, එකිනෙකා රැකබලාගත හැකි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් බවද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

”මාතර කාන්තා සමුළුවෙන් පසු අපි යන සෑම තැනකම කතා කරන්නේ ජාතික ජන බලවේගයේ ගැහැනුන් ගැන. ගැහැනු බලය අද තිබෙන්නේ මාලිමාවට බව මේ වන විට ඔප්පු කර අවසන්. 2024 මාලිමාවට ජයග්‍රාහී වසරක් බව ඔප්පු කර ඉවරයි. අපි ජනතාවගේ බලය ගොඩනඟන අතර බය වුණු පිරිසක් ඉන්නවා. මේ රට මෙපමණ කල් විනාශ කළ අය මෙවැනි ගැහැනු බලයක් ඉදිරියේ බය වෙන්නම ඕනෑ. අපි මේ එකතු වී ඉන්නේ හුදෙක් ඡන්දයක් දිනන්න විතරක් නොවෙයි. දේශපාලනිකව ශක්තිමත් වුණු, නායකත්වය වර්ධනය කර ගනිමින් සංවිධායක හැකියාවන් ලබමින් නිර්භීතව ඉදිරියට එන බව පැහැදිලියි. රට තුළ තීරණාත්මක පරිවර්තනයක් කරන්නයි අපි එකතු වෙන්නේ. පුරවැසියන් රවටන ඩීල් දේශපාලනයේ යුගය අවසන් කරන්න ගැහැනු අපි තීරණය කර තිබෙනවා. ඒ නිසා දූෂිත දේශපාලන සංස්කෘතියේ නියැළුණු සියලුම දෙනා බය වෙන්න. ගැහැනුන්ගේ ඡන්ද බලය යොදාගෙන බලයට ඇවිත් ගැහැනුන්ට පීඩනයක් එල්ල කළ, සියලු දෙනා බිය විය යුතුයි.

ජාතික ජන බලවේගයේ දේශපාලනය සම්බන්ධයෙන් විවේචනය කරන්න කරුණු නැතිවෙන කොට සතුරන් මොනවා හරි සොයනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට සියලු ක්ෂේත්‍රවලට අපි ප්‍රතිපත්ති හදාගෙන යන්නේ එක පුද්ගලයෙකුගේ කැමැත්ත මත හෝ අවශ්‍යතාවය මත නොවෙයි. රටේ විද්වතුන් සහ පුරවැසියන් සියලු දෙනාගේ අදහස් ලබාගනිමින් සාකච්ඡා කරමින් වැඩපිළිවෙළවල් හදනවා. අඩුපාඩුකම් තිබෙනවා නම්, ඒ ගැන අපි කතාකරමු. ඒ සඳහා ඉඩ තිබෙනවා. නමුත් දේශපාලනික සද්භාවයක් නැති, දේශපාලනිකව පරාජය වුණු අය සම්බන්ධයෙන් තැකීමක් නැති බවත්, ඔවුන් දැනගත යුතුයි. ගැහැනු අපි එකතු වී ඉන්නේ මේ රට මීට වඩා සාධාරණ, සමානාත්මතාවයට ගරු කරන, එකිනෙකා රැකබලාගත හැකි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන්. අපි හැමෝම එකතු වී ඉන්නේ කාවවත් අත්හැර යන්න නොවෙයි. එකිනෙකා රැකබලා ගැනීම අපේ සංස්කෘතියයි. ඒ බැඳීම්, ආදරය, එකිනෙකා රැකබලා ගැනීම තුළින් මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි අපේ නායකත්වය අවශ්‍ය වී තිබෙන්නේ. මේ පරිවර්තන යුගය ආරම්භ කිරීමේ වසර තව තවත් ශක්තිමත්ව ඉදිරියට යමු කියලා ආරාධනා කරනවා.” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan