*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කෘෂිකර්ම ඇමති සහල් අතිරික්තයක් ගැන කියද්දී වෙළෙඳ ඇමති සහල් ආනයනය ජාවරමකද ?

කොළඹ LNW:සහල් ආනයන ප්‍රශ්නය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර යම් උණුසුම් තත්ත්වයක් හට ගැනුණි.

වෙළෙඳපොළ තුළ පවතින විශේෂයෙන් කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස සහල් ටොන් 50,000ක් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දී තිබෙන අතර මෙය වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් ජාවාරමක් බවට පත්කර තිබෙන බවටයි විපක්ෂය චෝදනා කර සිටියේ.

මෙම සහල් ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ රටේ ජනතාවට අවශ්‍ය සහල් රට තුළ නිෂ්පාදනය වන බවයි. සහල් ආනයනයට අදාළව තමන් එකඟතාවක් දී නැති බවද අමරවීර මහතා පවසන ලදී.

”සහල් ගෙන්වීම සම්බන්ධව මම එකඟතාවක් දීලා නැහැ. අපට අවශ්‍ය සහල් අපේ රට තුළ නිෂ්පාදනය වෙනවා. මම පිළිගන්නවා කීරි සම්බාවල යම් හිඟයක් තියෙනවා. ඒ අනුව තමයි ඒ කටයුත්ත සිදුවෙන්න තීන්දු කරලා තියෙන්නේ. කෙසේවෙතත් දැනටත් මම කියන්න කැමතියි ඔබ අපි සාමාන්‍ය මිනිස්සු කන සහල්වල කිසිම හිඟයක් නැහැ. අපේ රටේ අවශ්‍ය ප්‍රමාණයට සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

ඒ අනුව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙහිදී විමසා සිටියේ වෙළෙඳ අමාත්‍යවරය සහල් ජාවාරමක නිරතව සිටිනවාද යන්නයි. කීරි සම්බා ගෙන්ව්වන මුවාවෙන් සම්බා සහලක් ආනයනය කිරීමට සැරසෙන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.

ඊට පිළිතුරු දුන් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

”අපි පැහැදිලිව කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා ගෙන්වන සහල් වර්ගයේ මොන හාල් වර්ගයක්ද කියන එක. ජාවාරමක් නෙවෙයි. ඔබතුමා එකක් පිළිගන්න රටේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අද වෙද්දී කීරි සම්බා කිලෝ එකකින් රු 140කට අධික ලාභයක් ඒ නිෂ්පාදකයින් රටේ ජනතාවගෙන් ගන්නවා. මොකද අද වෙද්දී කීරි සම්බා කිලෝ එකක රු 340යි රු.350යි. පාලන මිලක් තියෙනවා 260කට. නිෂ්පාදන වියදම වෙන්නේ රු.225 යි 230යි. සම්බා වලත් තත්ත්වය ඕක තමයි. මොකද හේතුව සම්බා පාලන මිල 230යි. හැබැයි 265යි 270යි මිල වෙන්නේ. ඒ තුළ පාරිභෝගිකයා ආරක්ෂා කරන්න යම් වැඩපිළිවෙලක් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. හැබැයි කීරි සම්බා සහ සම්බා තව මාස එකහමාරක් විතර යනකම් වෙළෙඳපොළට එන්නේ නැහැ. මොකද හේතුව ඉස්සෙල්ලම නාඩු එනවා. ඊළඟට සම්බා එනවා. ඊළඟට කීරි සම්බා එනවා. ඒ නිසා මේ සහල් දෙකටම පාවිච්චි කරන්න පුළුවන් හාලක් තමයි අපි ආනයනය කරන්නේ. මේ 21 වෙද්දී ඒ කටයුතු අවසන් කරන්න ඕනේ. නමුත් මම හිතන්නේ නැහැ අවසන් කරනන් පුළුවන් වෙයි කියල දුන්න කාල සීමාව තුළ.” යනුවෙනි.

වෙළෙඳ අමාත්‍යවරයාගේ මෙම පිළිතුර ප්‍රතිචාර ලෙස විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යවරය සහල් අතිරික්තයක් ගැන කියද්දී වෙළෙඳ අමාත්‍යවරයා සහල් ටොන් 50,000ක් ආනයනය කිරීමට සැරසීමෙන් සිදුවන්නේ මෙරට ගොවියාගේ වී මිල පහළ යාම සිදුවන බවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan