*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ටර්මිනේටර්ට 40යි! ඊලෝන් මස්ක් ඊලෝන් මස්ක්ගේම රෙදි ගලවා ගනියි!

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටර්මිනේටර් සමඟ මස්ක් X හි කළ සංසන්දනාත්මක අඩහැරය කාගේත් අවධානමට ලක් විය. ඒ සමඟ බැඳුණු ටර්මිනේටර් ගේ 40 වන සමරුවත් උඩට ආවේ කෘතීම බුද්ධිය සමඟ මස්ක් ගේ ඉදිරි ගමන සිහි ගන්වමිනි.

1984 දී කරළියට ආ “ද ටර්මිනේටර්” ;

ද ටර්මිනේටර් යනු ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1984 වසරේ දී නිර්මාණය කරන ලද ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි.

එහි ටර්මිනේටර් ලෙස රඟපාන්නේ Arnold Schwarzenegger ය. සයිබර්නෙටික් ඝාතකයෙකු 2029 සිට 1984 දක්වා කාලය තුළ සාරා කොනර් (ලින්ඩා හැමිල්ටන්) ඝාතනය කිරීමට පැමිණීමත්, ඇයගේ නූපන් පුත්‍රයා යම් දිනෙක පශ්චාත්-ඇපොකැලිප්ටික් අනාගතයක සතුරු කෘතිම බුද්ධියක් වන ස්කයිනෙට් විසින් මානව වර්ගයා වඳවී යාමෙන් බේරා ගනු ඇතැයි යන පදනම මත ඇයව මරා දැමීමේ අරමුණ මත පදනම්ව මෙම කතා මාලාව දිවෙයි. Kyle Reese (Michael Biehn) යනු සාරා ආරක්ෂා කිරීම සඳහා කාලය හරහා යවන ලද මානව සොල්දාදුවෙකි.

MUBI

ටර්මිනේටර් තම ඉලක්කය හා සමාන නම දරන කාන්තාවන්ගේ දුරකථන නාමාවලියකින් ඔවුන්ගේ ලිපිනයන් සොයා ක්‍රමානුකූලව මරා දමමින් තම අරමුණ සංසිඳුවාලීමට උත්සහ දරයි. අවසානයේ සාරා කොනර් නම් එහි සැබෑ ඉලක්කය, රාත්‍රී සමාජ ශාලාවක දී ලුහුබඳියි, නමුත් කයිල් ඇයව බේරා ගන්නා අතර දෙදෙනාම මෝටර් රථයක් සොරකම් කර පලා යන අතර, ටර්මිනේටර් සොරකම් කළ පොලිස් මෝටර් රථයකින් ඔවුන් පසුපස හඹා යයි.

ස්කයිනෙට් ලෙස හැඳින්වෙන කෘතිම බුද්ධිමත් ආරක්ෂක ජාලයක් නුදුරු අනාගතයේ දී ස්වයං-දැනුවත් වී මානව වර්ගයා විනාශ කිරීම සඳහා ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් ඇති කරන බව රීස් සාරාට එහිදී පැහැදිලි කරයි.

සාරාගේ අනාගත පුත්‍රයා (ජෝන් කොනර්) දිවි ගලවා ගත් අය එකතු කර Skynet සහ එහි යන්ත්‍ර හමුදාවට එරෙහිව සාර්ථක ප්‍රතිරෝධක ව්‍යාපාරයක් මෙහෙයවනු ඇත.

ස්කයිනෙට් සාරා මරා දැමීමට සහ ජෝන් ඉපදීම වැලැක්වීමට ටර්මිනේටර් ව නියමිත වේලාවට ආපසු යැවීය. ටර්මිනේටර් යනු පරිපූර්ණ කටහඬ අනුකරණය කිරීමේ හැකියාව සහ මිනිසෙකු ලෙස වෙස්වළා ගන්නා ජීව පටක වලින් ආවරණය කර ඇති කල් පවතින ලෝහ එන්ඩොස්කෙලිටන් සහිත කාර්යක්ෂම හා නොනවතින ඝාතන යන්ත්‍රයකි.

IMDB

ටර්මිනේටර් සාරාංශයක් ලෙස මෙසේය. 1984 සිට 2024 දක්වා ගමන් මඟේ අවුරුදු 40ක වර්ෂ පූර්ණය අභියස සිටින වසරක ඊලෝන් මස්ක් එහි තිබුණු කෙටි වීඩියෝ පටයක් දමමින් නැවතත් මතකය ආවර්ජනය කිරීමට සමත් විය.

එහි ඇත්තේ සේරා සහ කයිල් අතර පවතින දෙබසක කොටසක් ය. කයිල් එහිදී උත්සාහ කරන්නේ සේරාට ඉදිරියේදී සිදුවීමට නියමිත අනතුර ගැන පැහැදිලි කිරීමට ය. සේරා ඒ පිළිබඳ කිසිඳු විශ්වාසයකින් කතා නොකරන අතර මම එච්චර “මෝඩ කෙනෙක් නෙවෙයි, තාම ඒ ගොල්ලන්නට ඒ වගේ දේවල් හදන්න බෑ” යනුවෙන් පවසයි.

ඊට කයිල් ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ “දැන්ම බෑ, හැබැයි තව අවුරුදු 40 කින් විතර පුළුවන්” බවයි.

ඒ කියන්නේ 2024 වසර පිළිබඳවයි.

ඇත්ත! ඒක දැන් ඇත්තක් වෙලා හමාරයි. අද වනවිට කෘතීම බුද්ධියෙන් කරන්න නොහැකි දෙයක් නැත. මේ සිටින ඔබත් අපත් තව තැනක කුමක් කරනවාද යන්නවත් අපි නොදනී. ඒ තරම් අද ලෝකය දියුණු වුනත් චිත්‍රපටයෙන් දෙන ආදර්ශය වන්නේ ද ඒක ලෝකෙට එච්චර හොඳ දෙ‍යක් නොවන බවයි.

යුද්ධයක් වැන්නක් තවම නොමැති උනත් මෙම තාක්ෂණය ඔස්සේ ලෝකයේ මහා විනාශයක් සිඳුවන බවට කළ ටර්මිනේටර් ඉඟිය ටිකෙන් ටික ඇත්තක් වනවා දැයි තැති ගැනීමක් දැන් ඕනෑම අයෙකුට ඇති වනවා නොඅනුමානය.

කෘතිම බුද්ධියෙහි පියා හෙවත් මස්ක් ඇතුළු Tesla සමාගම විසින් “Optimus Gen 2” මේ වන විට එළි දක්වා අවසන් ය. මිනිසුන්ගෙන් පුනරාවර්තන කාර්යයන් භාර ගැනීමට හැකි වන සේ නිමවා ඇති මෙම මානවරූපී රොබෝ ලෝකයේ නවතම ජයග්‍රහණයක් වුවත් ටර්මිනේටර් අපිට ඇඟිලෙන් ඇනලා පෙන්නුවේ මේ මානවරූපී රොබෝවරුන්ගේ ඉදිරි දැක්ම විය හැකිය.

මස්ක් හරි උජාරුවෙන් ඒ වීඩියෝ කෑල්ල දැම්මට ඉන් කියවෙන්නේ මහා විනාශයකට අත වනන බවක් යැයි ඔහුට නොහැඟෙන්නට ඇත. ඒ අතින් මස්ක් මේ කරගත්තේ ඉල්ලන් කෑමකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan