සටහන – රුවන් නෙළුගොල්ල
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (ජනවාරි 10) අලුයම 01.00 වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 50ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණු අතර එය වයඹ දෙසට ගමන්කර අද උදෑසන කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ සවිස්තරාත්මක රතු නිවේදනය පහතින් දැක්වේ.







