ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

0
1692


“දිට්වා” සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ මෙම ස්වාභාවික ව්‍යසනයෙන් විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා මෙම ප්‍රදේශ පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය ‘Rebuilding Sri Lanka’ පිහිටුවන ලදී.

මෙම ජාතික කර්තව්‍යට සහාය දැක්වීම සඳහා වේළුපිල්ලේ සිවසුන්දරම් මහතා රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කර ඇත. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන වෙස්ටර්න් ජුවලර්ස් සමාගමේ නිර්මාතෘවරයා වන ඔහු, ශ්‍රී ලංකාවේ යාපනයේ අවරන්ගල් සිවශක්ති විවාහ මංගල්‍ය ශාලාවේ නිර්මාතෘවරයා ද වේ.

සිවසුන්දරම් මහතා සිය පරිත්‍යාගය අද (10) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත භාර දුන්නේය.