ජාතික ආණ්ඩුවක් හදනවා නම් අගමැති ධුරය බාරගන්න රනිල් සූදානම් – රුවන්

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

එසේ නොමැතිව රටේ උද්ගතව ඇති ප්‍රශ්නවලින් වත්මන් ආණ්ඩුව බේරාගැනීම සඳහා ඊට මුක්කු ගැසීමට වික්‍රමසිංහ මහතා සූදානම් නොමැති බවයි විජේවර්ධන මහතා සඳහන් කළේ.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව එක්වූ මාධ්‍යවේදියෙකු, ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම බාරදෙනු ඇති බවට මේ දිනවල පැතිර යන කටකතා සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ඔහු සම්පූර්ණයෙන්ම ඔහුටම අනන්‍ය වූ අයෙක්”: Nana Peterka අසහාය රංගධරයාගේ සමුගැනීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : යුගයක නිමාව සනිටුහන්...

කතානායකට විරුද්ධ ව විපක්ෂයෙන් විශ්වාසභංගයක්….

ඔක්තෝබර් 08, කොළඹ LNW : කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට...

මැතිවරණ නීති පිළිබඳ අතුරු වාර්තාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : පළාත් සභා මැතිවරණ...

එක් පවුලකට රු. ලක්ෂ 50ක්: කන්දකැටියේ පවුල් 41කට නව නිවාස ඉදිකිරීමට මුල්ගල්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිට්වා ආපදා තත්ත්වය...