චීනය හැතැක්ම 7 ක් දිග ‘දිය යට’ අධිවේගී මාර්ගයක් විවෘත කරයි

Date:

මේ දිනවල චීන විදේශ අමාත්‍යවරයා පෝට් සිටිය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට ලංකාවට පැමිණ සිටියි.

පෝට් සිටි, චීනය විසින් ලංකාවේදී දැමූ ලොකුම ‘ජල සෙල්ලම’ යැයි ද කිව හැක. කෙසේ නමුත් චීනය මෙයට සතියකට පෙර සිය රට තුළද විශාලම ජල සෙල්ලමක් ජනතා අයිතියට පත් කළේය. ඒ, රටේ දිගම දිය යට හයිවේ මාර්ගය විවෘත කරමිනි.

පසුගිය දෙසැම්බර් 30 වැනිදා මහජනතාවට විවෘත කෙරුණු ‘තාහු උමං මාර්ගය’ (Taihu tunnel) දිගින් කිලෝමීටර 10.79 කි. එනම් සැතපුම් 6.65 කි. නැගෙනහිර චීනයේ ජියැන්ග්ෂු පළාතේ තයිහු විල තුළින් මෙය ඉදිකර තිබේ.

තයිහු හයිවේ මාර්ගය ඉදි කරන්නට චීනයට වර්ෂ 4 ක කාලයක් ගත විය.

ඇමරිකානු ඩොලර් බිලියන 1.56 ක් හෙවත් යුවාන් බිලියන 9.9 ක් ඒ සඳහා ඔවුන් වැය කර තිබේ.

කොන්ක්‍රීට් කියුබික් මීටර (ඝන මීටර) මිලියන 2 ක් පමණ ද මේ සඳහා වැය කර ඇත.

මං තීරු 6 කින් සමන්විත මෙය, මීටර 17.45 ක පළලකින් යුතුය. වාහන දෙපසටම ගමන් කිරීමේ හැකියාව ද මෙහි තිබේ.

රියැදුරන් වෙහෙසට පත් වීම වළක්වා ගැනීම සඳහා මෙම දිය යට උමගේ වහලය හා දෙපස බිත්ති සම්පූර්ණයෙන්ම LED බල්බ වලින් ආලෝකමත් කර ඇත.

Suzhou, Wuxi සහ Changzhou යන අධිවේගී මාර්ග සම්බන්ධ කරමින් මේ දිය යට උමග පිහිටා ඇත. ඒ අනුව මෙමගින් සිදුකරන්නේ යැන්සි ගඟේ ඩෙල්ටාව ආශ්‍රිත කලාපයේ ප්‍රවාහනය තවදුරටත් පහසු කරමින් සහ ඒ සඳහා විකල්ප මාර්ගයක් සපයා දෙමින් ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමයි.

චීනය පළමුවැන්නා නොවේ.

කෙසේ නමුත් ගෝලීය වශයෙන් සලකන විට ලෝකයේ දිගම දිය යට අධිවේගී මාර්ගය වන්නේ 2020 වසරේදී විවෘත කෙරුණු රිෆාස්ට් උමග යි. එය නෝර්වේ රාජ්‍යයේ පිහිටා ඇත.

රිෆාස්ට් උමග

මේ අතර එංගලන්තය සහ ප්‍රංශය සම්බන්ධ කරන Channel Tunnel, ලෝකයේ විස්මිතම දිය යට අධිවේගී මාර්ගය ලෙස සලකයි. ඉංග්‍රීසි ඔ්ඩය සහ ඩෝවර් සමුද්‍රසන්ධිය යා කරන මෙය, අධිවේගී මාර්ගයක් නොව දුම්රිය මාර්ගයක් වීම ද විශේෂත්වයකි. කිලෝමීටර 37.9 ක් දිගැති මෙය, ලෝකයේ තිබෙන දීර්ඝතම දිය යට උමග වේ.

Channel Tunnel

අමාලි ජයවීර – අවුට්බවුන්ඩ් ටුඩේෙ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...