*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක් හිගවීමේ අවදානමක් !

ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවලින් ආනයනය කරන ඖෂධ වර්ග 80 කට වැඩි ප්‍රමාණයක හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. 2022 වසරේ වාර්ෂික ඇස්තමේන්තුවලට අදාල ඖෂධ මිලදී ගැනීම සඳහා මේ දක්වා ණයවර ලිපි නිකුත් කර නොමැති බවයි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.

සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිටය. තෝරාගත් සමාගම් සඳහා ණයවර ලිපි නිකුත් කළ පසු මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සඳහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුලට පැමිණීම, ගබඩා කිරීම සිදු වේ.

නමුත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වනතුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4 ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වනවිටත් රට තුළ බරපතල ඖෂධ හිගයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුල උග්‍ර ඖෂධ හිගයක් ඇතිවීම නොවැලැක්විය හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබඳව විමසීමේදී, මෙම අර්බුදකාරී තත්වය පිළිබදව නිසි අවබෝධයකින් කටයුතු කරමින් සිටින්නේද යන්න පිළිබදව අවිස්වාසයක් පවතින් අතර, නිවැරදි සංඛ්‍යලේඛණ ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේද යන්න පිළිබදව සැකයක් මතුවන බවද රවී කුමුදේශ් මහතා පෙන්වා දෙනවා.

අවම වශයෙන් ඩොලර් මිලියන 40 ක පමණ මුදලක් අවශ්‍ය වන මෙම ගැටලුව විසඳා ගැනීම සදහා රජය ලබාදීමට එකඟව ඇති ඩොලර් මිලියන 5 ක මුදල එක ඖෂධයකටත් ප්‍රමාණවත් නොවන තත්වයක් තිබියදී, එමගින් ගැටලුව විසඳා ගත හැකි බව ප්‍රකාශ කිරීමට තරම් රාජ්‍ය අමාත්‍යාංශය ඉක්මන් වී තිබීම පුදුමයට කරුණකි. කෙසේ නමුත් ඉදිරියේදී කල් ඉකුත්වීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ බොන්ඩ්ස් මගින් ඉපයෙන ආදායම මගින් මෙම ණයවර ලිපි නිකුත් කල හැකි බවට, මුදල් අමාත්‍යාංශය ලබා දී ඇති පොරොන්දුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයට ලක්ව තිබීම මගින්ද ගැටළුවේ සැබෑ ස්වරූපය හඳුනාගෙන නොමැති බව තේරුම් ගැනීමට ඇති හොඳ නිදසුනකි.

එබැවින් මාස හතරකට පෙර සිදු කළ යුතු සැලසුම් තව දුරටත් ප්‍රමාද නොකර, ගැටළුවේ යථා ස්වරූපය අවබෝධ කර ගනිමින්, ඖෂධ හිගයක් ඇතිවීම වැලක්වීම සඳහා යථාර්ථවාදීව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමකි.

පිළිකා රෝග, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සඳහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිගවීමට නියමිතව ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan