සජබෙ එක්ක එකතු වෙන්න ඕන නෑ අපිට තනියම ආණ්ඩුවක් හදන්න පුලුවන් – මෛත්‍රී

Date:

කිසිදු මැතිවරණයක් කල්දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හයෙන් පහක බලයක් තිබියදී ජේ.ආර්. ජයවර්ධන රජය මැතිවරණ කල්දැමීමට යාමෙන් අවසානයේදී රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදු වූ බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එවැනි තත්වයක් යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ප්‍රමුඛතම හා ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවට යළිත් පත් කිරීම සඳහා මේ වනවිට ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවද සිරිසේන මහතා පවසනවා.

එම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂය සඳහා නව මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධානයකට යන්නේදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ එවැනි කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි. ඉදිරියේදී බිහි කරන්නේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුක්ත දේශපාලන සන්ධානයක් බවත් ශ්‍රීලනිප ප්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම අයෙකුට ඊට සම්බන්ධ වියහැකි බවත් ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ Youtube ක්‍රියාකරුවකුට දවල් තරු පේන වැඩක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ඉකුත් දා...

වනජීවී නිළධාරීන්ගෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : යාල ජාතික...

චීනය දේශීය ජෙට්යානා ගුවන් සේවය පුළුල් කරමින් පළමු කාන්තා C919 කපිතාන්වරිය පත් කරයි!

සටහන – පුලී ජනවාරි 02, කොළඹ (LNW):  චීනයේ ගුවැන්ෂු සිවිල්...

වසර 66කට පසු වැසෙන iconic NASA research center ..

රෂිකා හෙන්නායක ජනවාරි 02 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඩොනල්ඩ් ට්‍රම්ප්...