සජබෙ එක්ක එකතු වෙන්න ඕන නෑ අපිට තනියම ආණ්ඩුවක් හදන්න පුලුවන් – මෛත්‍රී

Date:

කිසිදු මැතිවරණයක් කල්දැමීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හයෙන් පහක බලයක් තිබියදී ජේ.ආර්. ජයවර්ධන රජය මැතිවරණ කල්දැමීමට යාමෙන් අවසානයේදී රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදු වූ බව පෙන්වා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එවැනි තත්වයක් යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට ප්‍රමුඛතම හා ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවට යළිත් පත් කිරීම සඳහා මේ වනවිට ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවද සිරිසේන මහතා පවසනවා.

එම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂය සඳහා නව මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධානයකට යන්නේදැයි මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ එවැනි කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි. ඉදිරියේදී බිහි කරන්නේ ශ්‍රීලනිප නායකත්වයෙන් යුක්ත දේශපාලන සන්ධානයක් බවත් ශ්‍රීලනිප ප්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම අයෙකුට ඊට සම්බන්ධ වියහැකි බවත් ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...