ජනාධිපති ධුරය අහෝසි කරලා කුඹුරු කොටන්න යනවා කියපු මනුස්සයා ආයෙත් ජනාධිපතිකම ගැන හීන දකිනවා – සරත් ෆොන්සේකා

Date:

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් බලය ලබා ගැනීමට සිහින දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ශ්‍රීලනිපයට හෝ නැවතත් මේ රටේ බලය ලබා ගැනීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට අසමත් වූ, රටේ සිටිය නොමැති බව පවසමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ දරන මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව රටේ ජනතාව නැවතත් විස්වාසය තබනු ඇතැයි බලාපොරොත්තු වීම සිහිනයක් බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති තනතුර අහෝසි කර පොළොන්නරුවේ කුඹුරු කෙටීමට යන බව පවසමින් 2015 දී බලයට පත් වූ නමුත් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ඔහු අසමත් වූ බවත්, නැවතත් තුප්පහි දේශපාලනඥයන් සමග එක් වූ පමණින් බලය ලබා ගැනීමට හැකි වේ යැයි සිතීම සිහිනයක් බවත් පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා පවසන්නේ එවැනි පරාජිත දේශපාලනඥයන් සමග සමගි ජන බලවේගයට කිසිදු දේශපාලන සබඳතාවයක් අවශ්‍ය නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...