ජනාධිපති ධුරය අහෝසි කරලා කුඹුරු කොටන්න යනවා කියපු මනුස්සයා ආයෙත් ජනාධිපතිකම ගැන හීන දකිනවා – සරත් ෆොන්සේකා

Date:

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් බලය ලබා ගැනීමට සිහින දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ශ්‍රීලනිපයට හෝ නැවතත් මේ රටේ බලය ලබා ගැනීමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට අසමත් වූ, රටේ සිටිය නොමැති බව පවසමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ දරන මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව රටේ ජනතාව නැවතත් විස්වාසය තබනු ඇතැයි බලාපොරොත්තු වීම සිහිනයක් බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

ජනාධිපති තනතුර අහෝසි කර පොළොන්නරුවේ කුඹුරු කෙටීමට යන බව පවසමින් 2015 දී බලයට පත් වූ නමුත් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ඔහු අසමත් වූ බවත්, නැවතත් තුප්පහි දේශපාලනඥයන් සමග එක් වූ පමණින් බලය ලබා ගැනීමට හැකි වේ යැයි සිතීම සිහිනයක් බවත් පෙන්වා දෙන සරත් ෆොන්සේකා මහතා පවසන්නේ එවැනි පරාජිත දේශපාලනඥයන් සමග සමගි ජන බලවේගයට කිසිදු දේශපාලන සබඳතාවයක් අවශ්‍ය නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : පුවත බැලීමට මෙතනින්...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...