මැරෙන එකත් ලේසි නෑ – මල්වඩමත් ගණං උස්සයි !

Date:

පොහොර ගැටලුව, ඩොලර් අර්බුදය මෙන්ම උද්ධමනය ඉහළ යාම මේ වනවිට රටේ සියලු ක්ෂේත්‍ර සඳහා සෘජුවම බලපා තිබෙනවා. ඒ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය දිනෙන් දිනම දුෂ්කර වෙමින් තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව මංගල – අවමංගල අවස්ථා සඳහා භාවිතා කරන මල් වඩම් ඇතුළු මල් ආශ්‍රිත නිමැවුම්ද 100% කින් ඉහළ ගොස් තිබේ. ජීවිතය ගැටගසා ගැනීම පමණක් නොව මරණයට පත්වීමද මිල අධික වී ඇති බවයි ඇතැමුන් පවසන්නේ.

කොළඹ ප්‍රදේශයේ මල් වඩම් හා මල් ආශ්‍රිත නිමැවුම් අලෙවිකරුවන් පවසන්නේ වෙනදා රුපියල් 80 කට අලෙවි වූ රෝස මලක් මේ වනවිට රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. සෙසු මල් වර්ගද ඊට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවත්, මිල ඉහළ යාම පමණක් නොව අවශ්‍ය තරම් මල් තොග රැස්කර ගැනීමද තමන් මුහුණ දෙන බරපතල ගැටලුවක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මල් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින මෙවැනි වකවානුවක අවශ්‍ය තරම් තොග සපයා ගත නොහැකි වීමත් මිල ඉහළ යාමත් හේතුවෙන් තමන් මුහුණ දී සිටින ගැටලු වසරේ ඉතිරි කාලසීමාවටද බලපාන බව ඔවුන් පවසනවා.

පොහොර අර්බුදය කෘෂිකාර්මික කටයුතුවලට පමණක් නොව මල් ඇතුළු විසිතුරු පැල වගාව සඳහාද දැඩි බලපෑමක් සිදු කරයි. නුවරඑළිය ප්‍රදේශයේ මල් වගාකරුවන් පවසන්නේ පොහොර නොමැති වීම නිසා වෙළඳපොලට යැවිය හැකි මල් ප්‍රමාණය අඩකටත් වඩා අඩු වී ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...