ගැටලු රැසකට මුහුණ දී ඇති විද්‍යාපීඨ ගැසට් කරන්න ප්‍රමාද ඇයි ? – විපක්ෂ නායක සජිත් විමසයි (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2023 උසස් පෙළ සිසුන් සඳහා විද්‍යාපීඨ ගැසට් නොකිරීම හා ඇතැම් විද්‍යාපීඨ මගින් උපාධි සහතික දීම නිසා සිසුන්ට ඇතිව තිබෙන ගැටලුවට විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බවත් 2023 උසස් පෙළ සිසුන්ට මේ වන තෙක් විද්‍යාපීඨවලට ප්‍රවේශවීමට අදාළ ගැසට්ටුව පවා නිකුත් වී නොමැති බවත් දැනට අලුතින් ආරම්භ කර ඇති කුලියාපිටිය විද්‍යාපීඨයේ පමණක් තාක්ෂණ විෂයට අදාළව සිසුන් බඳවා ගැනීමේ ගැසට්ටුව නිකුත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුලියාපිටිය විද්‍යාපීඨය මගින් සිසුන්ට උපාධි සහතිකය ලබා දුන්නත් අනෙකුත් විද්‍යාපීඨ සිසුන්ට ලබා දෙන්නේ ඩිප්ලෝමා සහතිකය බවත් මේ නිසා විද්‍යාපීඨ සිසුන් අතර බෙදීමක් ඇතිවිය හැකි බැවින් සෙසු විද්‍යාපීඨවලට ද උපාධි සහතිකය ලබාදීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඒ ක්‍රියාව ඉටු කරන ලෙස රජයට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම 2023 උසස් පෙළ සිසුන් විද්‍යාපීඨයට බඳවා ගැනීමේ ගැසට් පත්‍රය නිකුත් කරන දිනයත් එමඟින් ලබා දෙන්නේ ඩිප්ලෝමා හෝ උපාධි සහතිකයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයකු සහ විපක්ෂ නායකවරයා ලෙස රටේ ජනතාව මුහුණ දෙන කාලීන ගැටලුවලට විසදුම් ලබා ගැනීම උදෙසා රජයට ඉදිරිපත් කිරීම වගකීමක් වුවත් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී කාලීන ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි කරලීම නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිට එම ගැටලු ජනතාවටත් රටට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...