ලැව්ගින්නෙන් විපතට පත්වූවන්ට සහය දැක්වීමට හැරී සහ මේගන් එක්වෙයි – ලෝකයේම අවධානය හැරී සහ මේගන් දෙසට!

Date:

කොළඹ LNW: සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ මේගන් මර්කල් කුමරිය ලැව්ගිනි හේතුවෙන් විපතට පත්වූවන් මුණගැසී ඔවුන්ට උපකාර කිරීම සඳහා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වෙත ඊයේ (10) පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනා පැසඩේනා සම්මෙලන මධ්‍යස්ථානයට ගොස් එහි සිටි පිරිස් වෙත නිහඬවම ආහාර බෙදා දී ඇති අතර මුහුණු ආවරණය කරගෙන සිටීම නිසා එම මධ්‍යස්ථානයේ රැඳී සිටි විපතට පත්වුවන් ඔවුන්ව හඳුනාගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හැරී කුමරු සහ මේගන් මර්කල් කුමරිය පැසඩෙනා නගරාධිපති වික්ටර් ගෝර්ඩෝව ද වැළඳගෙන මෙම කණගාටුදායක අවස්ථාව බෙදාගෙන ඇති අතර නගරාධිපතිවරයා ද ෆොක්ස් 11 ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔවුන් දෙදෙනා ආත්මය ප්‍රබෝධමත් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන් දෙදෙනෙක් බවයි.

එම මධ්‍යස්ථානයේ ස්වෙච්ජා සේවකයින් මෙන් ඔවුන් නිහඬවම එහි රඳවා සිටින පිරිස වෙත ආහාර බෙදා දීම සිදුකර තිබේ.

ඔවුන් ප්‍රචාරණය සඳහා එහි පැමිණ සිටියේ නැති බවත් ඇත්තටම ඔවුන්ට අවශ්‍යව තිබුණේ විපතට පත්වූවන් වෙත සහය දැක්වීමත් ඔවුන් වෙනුවෙන් වැඩකිරීමත් බව පැසඩෙනා නගරාධිපති වික්ටර් ගෝර්ඩෝ තවදුරටත් කියා තිබේ.

මේ අතර හැරී කුමරු සහ මෙගන් කුමරිය ඔවුන්ගේ වෙබ් අඩවිය හරහාද විපතට පත්වූවන් වෙත සහය දැක්වීමට එක්වන ලෙසත් එකිනෙකාට සහය දක්වා ගන්නා ලෙසත් හැකි සෑම විටම සිය අසල්වැසියා පිළිබඳ අවධානයෙන් සිටි සහය අවශ්‍ය මොහොතේ සහය වන ලෙසත් ඉල්ලා සිටියේය.

එය ලෝක ප්‍රජාවගේ මහතා පැසසුමට මෙන්ම අවධානයට පාත්‍ර වී තිබෙන අතර ඔවුන්ද විපතට පත් ජනතා වෙත සහය දැක්වීමට ලොස්ඇන්ජලීස් වෙත ගොස් සිටීමද ඉතා ඉහළ මහජන ප්‍රසාදයක් දිනාගත් සිදුවීමක් බවට පත්ව ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...