වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් 700න් එහාට යනවා. අපිම නිසා මේ ගාණට දෙන්නේ – ඇමති නාමල්

මේ වනවිට ජාතික ජන බලවේගය නොව වෙනත් ආණ්ඩුවක් බලයේ සිටියේ නම් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවා යාම නොවැළැක්විය හැකි බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් පෙට්‍රල්, ඩීසල් මිල ඉහළ ගියා. එතකොට ඒක බලපානවා නේද කෘෂිකර්මාන්තයට සහ ආහාර පානවලට ?

“ඔව්, ඇත්තටම එහෙම බලපෑමක් වෙනවා ඉතින්. නැත්තෙ නැහැ. මේක ලෝක යුධ තත්වයත් එක්ක තමයි මේ තත්වයට අපිට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නෙ. ඇත්තටම වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් මේ යුද්ධය නැගලා ගියපු වෙලාවේ පෙට්‍රල් ලීටරය රුපියල් 700න් එහාට යන එක වළක්වන්න බැහැ. ඒක වැළැක්වීම සඳහා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් දාලා විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කරලා, රජය පාඩුව දරාගෙන තමයි ඇත්තටම මෙතෙක් පෙට්‍රල් ඩීසල් දුන්නේ”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ අද (02) කොළඹදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Happy Birthday, King Khan! වසර ගණනාවක් ගෙවුණත් නොමැකෙන ආකර්ෂණය, බොලිවුඩයේ කිං ඛාන්ට සුබ උපන්දිනයක්!

සටහන – පුලී නොවැම්බර් 02, LNW (කොළඹ): බොලිවුඩයේ කිං ඛාන් ලෙස...

බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම...

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...