හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.

ඒ අනුව හෙට (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස තමන්ට පොලීසිය දැනුම් දී ඇති බවයි ප්‍රසාද් සිරිවර්ධන මහතා සඳහන් කළේ.

“පසුගිය සතියේ හිරු සලකුණ වැඩසටහනේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මම කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්න කියලා CID එකෙන් මට ඊයෙ ඇවිල්ලා කිව්වා. සඳුදා පෙරවරු 10.00 ට CID එකට එන්න කියලා තියෙනවා. මම රටේ ජනතාවට කියනවා මේං ආණ්ඩු. ඔබ පත්කරපු මේං ආණ්ඩු. මේවා ඇත්තටම සෙල්ලම් ආණ්ඩු. රූපවාහිනී වැඩසටහනක මම කියපු දෙයක් පිළිබඳව එයාලා පරීක්ෂණයක් කරනවා. වැඩ නැති ආණ්ඩුවකට වැඩ හදාගන්නවා. මේවා වැඩද මං අහන්නෙ, මේවාද කරන්න තියෙන වැඩ ?”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...