ඉදිරි කන්නය සඳහා චීන පොහොර මෙට්‍රික් ටොන් අනූ දහසක් !

0
2531

ඉදිරි කන්නයේ වගා කටයුතු සඳහා චීනයෙන් පොහොර ආනයනය කිරීමට තීරණය කර ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම පවසනවා. ඒ අනුව චීනයෙන් පොහොර මෙට්‍රික් ටොන් 90,000 ක් ආනයනය කරනු ඇත.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ලබන අප්‍රේල් මාසය වනවිට එම පොහොර තොග ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

මීට පෙර ආනයනය කළ පොහොර තොගය හා ඊට අදාලව මතු වූ ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වන සභාපතිවරයා පවසන්නේ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය විසින් සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඇති බවයි. ප්‍රතික්ෂේප කළ පොහොර නැව වෙනුවට අලුත් පොහොර තොගයක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. දෙපාර්ශ්වය එකඟ වී ඇති කරුණු අනුව ස්විට්සර්ලන්තයේ සමාගමක් හරහා, නැවත පැමිණෙන පොහොර තොගය පරීක්ෂා කරන බවත්, ඊට අමතරව මෙරට තුළ සිදු කරන සාම්පල පරීක්ෂා සුපුරුදු පරිදි සිදුවනු ඇති බවත් මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here